කෘෂිකර්මයේ රැඩිකල් වෙනසක් අවශ්‍යයි
නිදහසින් පසුව ගෙවී ගිය දශක හත තුල ලංකාවේ කෘෂිකර්මය, විශේෂයෙන් ග්‍රාමීය කෘෂිකර්මය සහ එහි නියැලෙන ගොවීන් ලබා ඇති දියුණුව ගැන සෑහීමට පත් විය හැකිද? රටේ ජනගහණයෙන් 70% ක් ජීවත්වෙන බව කියන මේ ගම්වල ආර්ථීකයේ සැබෑ වෙනසක් සිදුවී තිබේද?
වයඹ පලාතේ නිකවැරටියට ආසන්න වැව් දියෙන් පෝෂිත වැවක් මත යැපෙන ගමක උපන් ලේඛකයකු මෑතකදී තම ගම ගැන විග්‍රහ කරමින් ලියූ පොතක කියා ඇත්තේ නිදහසින් පසු බිහිවූ කිසිම ආණ්ඩුවකින් තම ගමට කල —කෙංගෙඩියක්˜ නැති බවය. මේ කියමන අනෙකුත් බොහොමයක් ගම්වලටද පොදුය.
බොහොමයක් ගම්වලට විදුලිය ලැබී ඇති බව සැබෑය. ගම් හා නගර යා කෙරෙන පාරවල් පසුගිය රජය යටතේ කාපට් වූ බව ඇත්තය. එහෙත් කෘෂිකර්මය පදනම් කරගත් මේ ගම්වල ආර්ථීකය අවුරුදු හැත්තෑවක් තුල දියුණු විය යුතු මට්ටමකට පැමිණ තිබේද? පසුගිය දශක හත තුල ගම්බද කඩ මණ්ඩිවල පරිණාමය දෙස බලන විට පෙනෙන්නේ මේවායේ වෙළඳසැල් තවමත් දුප්පත් ආර්ථීකයකට ගැලපෙන භාණ්ඩ සපයන්නන් බවයි. එයින් ඉඟි කෙරෙන්නේ ගම්බද ගොවීන් තවමත් දුප්පතුන් බව නොවේද? පොහොසතුන් වීමට ගොවිතැන රුකුලක් වී නැති බව අකමැත්තෙන් හෝ පිලිගත යුතුය. පුදුමය නම් රටේ පාලකයින් පත් කර ගැනීමේ බහුතර බලය හිමි මේ ගම්බද ජනතාවට මේ දක්වාම කුඩම්මාගේ සැලකිලි ලැබීමය.
මේ ගම් බොහොමයක් තනිකරම වැසි දියෙන් හෝ වැසි දියෙන් පෝෂිත වැව් මත යැපේ. මේවායේ කුඹුරුවල මඩ ගොවිතැන යටතේ වී වගා කෙරෙන අතර, ගොඩ ගොවිතැන ලෙස මිරිස්, මුං වැනි අතිරේක බෝග සහ එලවළු වගා කෙරේ. ගෙවත්තේ ප්‍රධාන බෝගය බොහෝ විට පොල් වන අතර එA තුල කෙසෙල් වැනි පලතුරු හා කොස්, දෙල් වැනි බෝග වගාවේ.
මේ ගොවීන්ගේ කුඹුරු දෙස බලතොත්, නූතන ගොවි පරපුර, දෙමාපියන් වගා කල සම්ප්‍රÞයික වී වර්ග අතහැර නව වී ප්‍රභේද වගාවට හුරුවී සිටිනු දැකිය හැක. වැඩි අස්වනු දෙන මෙම වී ප්‍රභේද, අස්වනු වැඩි කිරීමත් සමග, වල් මර්දන ගැටලූ, පලිබෝධ පාලන ගැටලූ වැනි අතුරු ප්‍රශ්ණ රැසකට නූතන ගොවීන්ව හසුකර ඇත.
ගොඩ ගොවිතැනෙහිද තත්වය එසේමය. සමහර සම්ප්‍රÞයික ගොඩ බෝග සහමුලින්ම අතහැර, ආර්ථීක වාසි පතා නව බෝග වර්ග වගාවට මාරුවී ඇත. උÞහරණ ලෙස කුරක්කන්, තල වැනි සම්ප්‍රÞයික බෝග අතහැර සෝයා බෝංචි, ගර්කින් වැනි නව බෝග වගාවට පෙළඹීම දැක්විය හැක. එසේම සැම ගොඩ බෝගයකම වාගේ පාරම්පරිකව වගා කල ප්‍රභේද අතහැර නව ප්‍රභේද වැළඳගෙන ඇත. මේවා වෙනස් වෙන කෘෂිකර්මයක දැකිය හැකි ලකුණුය. එAවා සුභවාදී වෙනස්කම් නම් සතුටු විය හැක. එහෙත් ලාංකීය කෘෂිකර්මයේ සිදුවූ එA වෙනස්කම් මගින් ග්‍රාමීය ගොවීන්ව ඔසවා තබා ඇත්තේ කොතැනටද? අද ගොඩ මඩ දෙකෙහිම ගොවිතැන රසායනික පොහොර සහ කෘෂි රසායනික (පලිබෝධනාශක) වලින් තොරව කල නොහැකි තත්වයකට පත් කර ඇත. මිරිස් වැනි බෝග කොල කොඩවීම වැනි රෝග වලින් ගොඩ ගැනීම සිහිනයක් වී තිබේ. කලින් කල විවිද සංකල්ප යටතේ දියත් කල කෘෂිකර්ම ව්‍යාප්ති වැඩ සටහන්ද මෙයට වගකිව යුතුය. (හැත්තෑව, අසූව හා අනූව දශක වල පැවති රජයන් යටතේ කෘෂිකර්ම ෙකෂත්‍රයේ සේවය කල නිසා මේ ලියුම් කරුද යම් තරමකින් හෝ මේ පවට හවුල් කරුවෙක්යæ)
ගොවීන්ගේ දැනුම් මට්ටමේ යම් වෙනසක් වී ඇත්නම් වැඩිපුරම එA කෘෂි රසායනිකයන් පිලිබඳවය. එA දැනුමද එAවායේ කෂණික ප්‍රතිඵලවලට සීමාවී ඇති අතර, කෘෂි රසායනික වල විපාක හා එAවා ආරාකෂාකාරී ලෙස භාවිතය පිළිබඳ දැනුම අල්පය.
රටේ ප්‍රධාන ආහාරය වන බතට අවශ්‍ය වී වලින් රට ස්වයංපෝෂිත තත්වයට පත්වුනේ වරක් හෝ දෙවරක් පමණි. එයද අලූතින් බිහිවූ වාරි මාර්ග ව්‍යාපාර යටතේ එක්වූ කුඹුරු හා එA කන්නවල පැවති යහපත් දේශගුණ තත්වයන්ගේ පිහිටෙනි. මතක අයුරින් හැත්තෑ ගණන්වල පැවති වගා සංග්‍රාම අවධියේ මිරිස් වලින් ස්වයංපෝෂිත වුවද පසුව මිරිස් වගාවේ වූ කඩා වැටීමෙන් ගොඩ එනු බැරිව තවමත් දඟලනු පෙනේ. කොටින්ම පසුගිය අවුරුදු හැත්තෑව තුල විවිධ සැලසුම් අත්හÞ බලමින් තැටමුවා විනා රට කෘෂි නිෂ්පාදන වලින් ස්වයංපෝෂිත කිරීමට කෘෂිකර්ම, ගොවිජන සේවා ප්‍රධාන සියලූම ගොවි සෙත සැලසීමට පිහිටුවා ඇති ආයතන අපොහොසත් වී ඇත. පලාත් සභා නිසා කෘෂිකර්මයට අÞල අමාත්‍යාංශ, ආයතන, නිලධාරි සංඛ්‍යාව ආදිය රටට ඔරොත්තු නොදෙන ලෙස ඉහල ගියද, ගමේ කෘෂිකර්මයේ ප්‍රගතිය, ගම්මුන්ගෙA ආර්ථීක දියුණුව තවමත් ඉබි ගමනේය.
දැනටත් කි්‍රයාත්මක සමහර ප්‍රතිපත්ති හා සැලසුම් අදට ගැලපෙන එAවාද?
උÞහරණයක් ලෙස වී වගාව ගනිතොත් හැට ගණන් වල (හෝ පනස් ගණන් අග) හඳුන්වා දුන් එච්4 වැනි වී වර්ග වී ගොවිතැනේ සෑහෙන පෙරළියක් කල බව පිලිගත යුතුය. එයින් නොනැවතී පසුගිය දශක පහ හය තුල කෘෂිකර්ම අංශ වලින් නව වී ප්‍රභේද ගණනාවක් බිහිකර ගොවීන්ට හඳුන්වා දී ඇත. දැනට කි්‍රයාත්මක සැලසුම් හා පර්යේෂණ යටතේ ඉදිරියටත් නව ප්‍රභේද ගණනාවක් බිහිවනු ඇත. ශී්‍ර ලංකාව වැනි කුඩා රටක ඇති සීමිත කුඹුරු ඉඩම් ප්‍රමාණයට මෙතරම් නව වී ප්‍රභේද ගණනාවක් අවශ්‍යද? දැනට ඇති ප්‍රභේද වලින් අපට අවශ්‍ය නිෂ්පාදන ඉලක්ක සපුරා ගත නොහැකිද? දැන් කල යුතුව ඇත්තේ මුලූ වෙර යොÞ වී වගාවේ අනිකුත් ගැටලූවලට විසඳුම් සෙවීම නොවේද?
ගොඩ බෝග ෙකෂත්‍රයේද වෙනසක් නැත. වට්ටක්කා වැනි බෝග විකුණාගත නොහැකි තරමට නිපදවෙන විට ප්‍රමුඛස්ථානය දිය යුතු ගැටලූව ඇත්තේ එතන නොවේද? එA ගැටලූව නොවිස\ එවැනි බෝගවල අස්වනු තවත් වැඩිකරන හෝ එAවායේ පලිබෝධ මර්දන ක්‍රම පිලිබඳ පර්යේෂණ වලට ප්‍රමුඛතාවය දෙන්නේ නම් එය සම්පත් නාස්තියක් නොවේද?
කෘෂිකර්මයට අÞල සමහර අංශවලින් තමන්ගේ මූලික වගකීමවත් ඉටුකරනු නොපෙනේ. ශී්‍ර ලංකාව වැනි රටකට අත්‍යවශ්‍ය පැලෑටි නිරෝධායන සේවය එවැන්නකි. අඩුම තරමේ රටට ඇතුල් වන ගුවන් මගීන්ගේ එකම ගමන් මල්ලක් හෝ මෙම සේවයෙන් පරීකෂා කරනු දක්නට නොලැබේ. පසුගිය දශක කිහිපය තුල ආගන්තුක පැලෑටි හා කෘමීන් කී දෙනෙක් රටට ඇතුල් වී තිබේද? මේවා රට පුරා ගොවිබිම් වල පැතිරෙන විට එAවායේ විපාක විඳින්නට සිදුවන්නේද දුප්පත් ගොවීන්ටය.
නිදහසින් පසු ලාංකීය කෘෂිකර්මයේ යම් තරමකට හෝ දැනෙන වෙනසක් කරන්නට දැරූ උත්සාහක් ලෙස දැකිය හැක්කේ හැත්තෑ ගණන්වල දියත් කල වගා සංග්‍රාමයයි. අඩු පාඩු නිසා, විශේෂයෙන් ජනතාවට කරදරකාරී ප්‍රතිපත්ති මත පදනම් වූ නිසා අතරමග කඩාවැටුන එA මෙහෙයුමෙන් පසු, කෘෂිකර්මයේ ප්‍රගතිය යලිත් ඇල් මැරුණ තත්වයට පත්ව මේ දක්වාම පැලැස්තර වැටෙමින් ඔහේ ඇදී යන්නක් බවට පත්ව තිබේ යයි කීවොත් නිවැරදිය.
සරලව කිවහොත් ලංකාව වැනි රටක කෘෂිකර්මයේ මූලික වගකීම විය යුත්තේ ජනතාවගේ ආහාර, අඩුම තරමින් කාබොහයිඩ්‍රේට හා ප්‍රෝටීන අවශ්‍යතාවයන් දේශීය මට්ටමින් සපුරාලීමය. තුන්සිය හැටපස් දවසේම හොඳින් ඉර එලිය වැටෙන, සරු පසක් සහිත, විවිධ නමුත් යම් තරමකට හෝ බලාපොරොත්තු තැබිය හැකි වැසි රටාවක් හිමි ශ්‍රී ලංකාවට එA අරමුණ, එA වගකීම ඉටු කර ගැනීම කල හැකි, කල යුතුම දෙයකි. එA සඳහා ග්‍රාමීය කෘෂිකර්ම අංශයෙන් ලැබිය හැකි Þයකත්වය අපමණය.
මෙවැනි ලිපියකින් එලි දැක්විය හැක්කේ මූලික අදහස් කිහිපයක් පමණි. වත්මන් කෘෂිකර්ම ප්‍රතිපත්ති හා සැලසුම් ගැඹුරින් විමර්ශනය කර, අනවශ්‍ය සංකල්ප, අධ්‍යයන හා පර්යේෂණ වැනි දේ මද කලකට නවතා හෝ අවම කර කෘෂිකර්ම ෙකෂත්‍රයේ සියලූම ආයතනවලට හිමි සම්පත් යෙදිය යුත්තේ අඩුම තරෙමි ප්‍රධාන බෝග කිහිපයක්වත් තෝරා ගෙන නිශ්චිත කාල සීමාවක් තුල එAවායින් රට ස්වයංපෝෂිත කරලීමටය. එA සඳහා යල් පැන ගිය ප්‍රතිපත්ති හා සැලසුම් වීසි කර රැඩිකල් වෙනසකට යා යුතුමය.
ලයනල් රාජපකෂ