ව්‍යවස්ථා මර උගුලක රට හිරකිරීම – මොහාන් විජේවික්‍රම

2,450 Views

ව්‍යවස්ථා මර උගුලක රට හිරකිරීම

ජනාධිපති සිරිසේන බලයට ගෙනඒමට විශාල මෙහෙවරක් කරනලද දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ NGO නඩවලට විවිදාකාර අභිලාශයන් සහ අවශ්‍යතාවයන් තිබින. ඇමරිකාවේ රජ්‍ය ලේඛම් ජෝන් කෙරී විසින් මහින්ද රාජපක්ෂ රජය වෙනස් කිරීම සදහා සහයදීම එළිපිට පැවසීම බටහිරයන් අපේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීම පෙන්නුම් කරයි. මෙම කන්ඩායම් පොදුවේ ගත්කල පසුගිය වකවානුවේ බෙදුම්වාදීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනිසිටි බවට ඔනෑවටත් වඩා සාක්ෂි ඇත.
පවතින ව්‍යවස්ථාව සහ වටපිටාවතුල බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට නම් ව්‍යවස්ථා සංශෝධනයක් කලයුතු බව යහපාලන නායකයෝ හොදින් තේරැම් ගෙන තිබුනි. ජනාධිපතිවරනයට පෙර සිටම අවශ්‍ය පිබුරැපත් සැකසීම ආරම්බ කර ඇත.
නව ව්‍යවස්ථාවකට පාර්ලිමේන්තුවේ 2/3 බලයක් සහ ජනමත විචාරනයක් අනිවාර්ය වුවත් අපේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති 1.2.3.6.7.8.9.10 .11 .30(2) සහ 62(2) හැර ඔනෑම සෙසු වගන්තියක්  සංශෝධනය කිරීමට ඉවත්කිරීමට හො ආදේශ කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් කල හැකිය. එම සංශෝධන වලට ජනමත විචාරනයක් අවශ්‍ය නැත.
ඒ අනුව පෙඩරල් මුලධර්ම මත සකසන විධායකය සහ මධ්‍යම රජය දුර්වල වන 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඔබ්බට ගිය ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවේ 2/3 ක බලයකින් පහසුවෙන් සම්මත කලහැක.
යහපාලන රජය ජනාධිපතිවරනයෙන් ඉක්බිති ස්ථාවර රජයක් ගොඩනැගිමට අවශ්‍ය මහමැතිවරනය පසක තබා දින 100 ක අණ්ඩුවක්  ස්ථාපිත කරමින් එවකට විපක්ෂ නායකව සිටි රනිල්  වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනිව අගමැති ලෙසත් නිතිවිරෝධි ආකාරයට අගවිනිසුරැතුමා ඉවත් කිරීමට කටයුතු කලේය.
ඉන්පසු FCID නම් පොලිස්  කොට්ටාශයක් අගමැතිතුමා යටතේ ක්‍රියාකරවමින්  පැවති රජයේ මැති ඇමතිවරැන්ට විරැද්ධව චෝදනා එල්ලකිරීම තුලින් මෙල්ල කිරීම දැකගත හැකිවිය.  ජනපතිතුමා වටා ශ්‍රි ලංකා නිදහස් පක්ශයේ මන්ත්‍රිවරැ ගනනක් රොක්වීමට සහ ජාතික රජයකට මුලපිරීම එහි ප්‍රතිපලයක් දැයි සැක සහිතය. මේ අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එක් මන්ත්‍රිවරයෙකුගේ විරෝධතාවයක් ඇතිව අනික් සියලු දෙනාගේ චන්දයෙන් සම්මත විය. ඇමති මන්ඩලය සීමා කිරීම, ස්වාදීන කොමිෂන් සභා පත්කිරීම, ජනාධිපතිගේ බලය සීමාකිරීම වැනි ධනාත්මක ක්‍රියාකාරකම් ජනතාව ඉදිරියේ තබමින් ගරැ මාදුලුවාවේ සොභිත නායක ස්වාමින් වහන්ස වැනි ගෞවරවනිය චරිත යොදවා රටවැසියා මුලාකර 2/3 පාර්ලිමේතුවේ බහුතරයක් ලබාගත හැකි ජාතික රජයකට දොර විවෘත  කිරීමින් 19 වැනි සංශෝධනය සම්මත කරගැනීම බෙදුම්වාදීන් ලැබු විශාල ජයග්‍රහයකි. ඉතාම සුක්ෂමව එහි ඇතුලත් කර තිබු වගන්ති වලින්  රාජපක්ෂවරැන්ගේ දේශපාලනයට වැටබැදීම සහ අවහිරයක් නොමැතිව අවුරැදු 4 1/2 කට අගමැති යටතේ පවතින පාර්ලිමේන්තුවක් මගින් ව්‍යවස්ථා සංශෝධනයකට දොර විවර කිරීම එහි තව පැතිකඩකි.
අගමැති යටතේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාපිත මංඩලයක් බවට පරිවර්තනය කර ඒ හරහා පත්කල කොමිටි මර්ගයෙන් විවිද මාතෘකා ඔස්සේ අතුරැ වාර්තා ජනතාවට දැනගැනීමට සැලැස්වීම, ඔවුන් අතර උද්යොගයක් සහ කුතුහලයක් ඇතිකිරීම, විරැද්ධ මත ඉදිරිපත් කිරීම මෙම ක්‍රියාවලිය පසුපස ඇති සැලසුම්වල තව අංගයකි. එම ක්‍රියාවලියට හාත්පසින් වෙනස් මාතෘකා හිටිහැටියේ ව්‍යවස්ථාපිත මංඩලය තුලින් හො බාහිරව මතුකිරීම සහ ඊට සමගාමිව දෙමල සංධානයේ මන්ත්‍රිවරැ විසින් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හත්පසින් වෙනස් මත සහ අදහස් පාර්ලිමේන්තුව තුල සහ පිටත ප්‍රකාශ කිරීම අදිය තුලින් ජනතාව නොමග යැවීම සහ ඔවුන්ගේ උනන්දුව හීනකිරීම ව්‍යවස්ථා සම්පාදනයෙහි තව උපය මර්ගයකි.
ජාතික රජය ගැන හෝ විශාල ඇමතිමන්ඩලය හෝ කොමිෂන්වල ස්වාදීනත්වය හෝ රජය මගින් ක්‍රියාත්මක වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියවලිය ගැන කථිකාවක් ගොඩ නැගීමට වර්ථමානයේ  ජනතාවට වෙලාවක් හෝ උනන්දුවක් නොමැති අතර ඔවුනට කථා කිරීමට වෙන ප්‍රශ්න රාශියක් යහපාලනය විසින් සපයාදී ඇත.
ජාත්‍යන්තර මානවහිමකම් කොමිසම තුල අපේ රජය උතුර නැගෙනහිර ජනතාවට පෙඩරල් මූලධර්ම මත පිහිටි 13 වැනි සංශොධනයට ඔබ්බට යන උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කලහැකි ව්‍යවස්ථා සංශෝධනයක් අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හදුන්වා දීමට එකඟවී ඇත. යහපාලනයේ සහ එම පාර්ශව කරැවන්ගේ මුඛ්‍ය අරමුන මෙම සංශෝධනයට සහය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිතුමා හරහා ලබා ගැනීමය. මැතදී රජය නියෝජනය කරන නිදහස් පක්ෂ මන්ත්‍රිවරැ කීපදෙනෙක් විපක්ෂයට මාරැවීම තුලින් යහපාලනයේ බලාපොරෙත්තු  වල යම්කිසි පසුබෑමක් දැන් දක්නට ඇත.
බොහෝ දුරට දැනටමත් සකසා ඇති ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම පිනිස අවශ්‍ය 2/3 ක පාරිලිමේනතු බලය නැවත ලභාගැනීමට විවිද උපක්‍රම යහපාලනය සහ බෙදුම්වාදී කන්ඩායම් යොදමින් ඇත.
මෙම ව්‍යවස්ථා මර උගුලින් ගැලවීමට ඇති එකම විකල්පය ආණ්ඩුව සමග සිටින තව නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරැ කීපදෙනෙක් විපක්ශය වෙත ලබා ගැනීමයි.  එය විපක්ෂ නායක කම ගැනීමට තැත් කරනවාට වඩා අවශ්‍ය කටයුත්තකි. මෙම ක්‍රියාවලියට මේ රටට ආදරේ සියලු ජනතාව සහභාගි කරවා ගැනීම අතිශයින් වැදගත්ය.

මොහාන් විජේවික්‍රම

No comments

About

The Professionals for a Better Future (VIYATHMAGA) is a network of Academics, Professionals, and Entrepreneurs who love the country and wish to contribute actively towards the development of a prosperous Sri Lanka where all citizens can live in peace and harmony. VIYATHMAGA is not a political organisation. It is a civil society movement, wishing to contribute towards the betterment of the country.

Need to talk to us?





[recaptcha]

Our Contacts

No:765, Ethul Kotte, Kotte.

info@viyathmaga.org