2018 අවසන් කාර්තුව සහ සැප්තැම්බර් 05 ජනතා සටන

109 Views
2018 අවසන් කාර්තුව සහ සැප්තැම්බර් 05 ජනතා සටන
මගේ මතය අනුව ශ්‍රී ලංකාව තවත් එක් සංදිස්ථානයකට ගමන් කරමින් සිටිනා කාල වකවානුවක් අප අත්දකිමින් තිබේ. 2018 අවසන් කාර්තුව මෙහි ලා සුවිසේශී ඇසිල්ලක් වනවාට පෙන්නට තිබෙන සාධක අනුව කිසිම සැකයක් නැත.
පවත්නා ව්‍යවස්ථාමය රාමුව තුල 2019 ජනවාරි 8 සිට ඕනෑම මොහොතක ජනාධිපතිවරණයක් කැදවීමට වත්මන් ජනාධිපතිවරයාට හැකියාව ඇත. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය මත ජනාධිපතිවරණය 2019 දෙසැම්බර් මාසය වන විට පැවැත් විය යුතුය. එසේ නම් 2019 රාජ්‍ය පාලනයේ දිශානතිය තීරණය කරන වසරකි.
මේ සියල්ල සලකා බැලීමේ දී ජනාධිපතිවරණ සටනේ ආරම්භය සිදු වන්නේ මෙම වසරේ අවසන් කාර්තුවේ සිටය. රටේ වත්මන් අරාජික තත්වය සලකා බැලීමේ දී මහින්ද රාජපක්ශ කදවුර ඇතුලු සැබෑ විපක්ශය සිටින්නේ ඉදිරියෙනි.  පසුගිය පලාත් පාලන මැතිවරණයේ ලද ජයෙන් ලද පන්නරයත්, ආණ්ඩුවේ ශ්‍රීලනීප පලුවක් ගැලවී විපක්ශය සේන්දු වීමත් විපක්ශයේ බලවත් කමට ප්‍රදර්ශණාත්මකව හදුනා ගත හැකි මූලික සාධකයන්ය. දෙවනුව වත්මන් රජය ගෙනයන අදූරදර්ශී, ජනතා ද්‍රෝහී ආර්ථික ප්‍රතිපත්තිය සහ රාජ්‍ය පාලන ප්‍රතිපත්තිය සියලුම මහජනයාට එක ලෙස දැනී තිබේ. එයට සමාජ මට්ටම, තරාතිරම අදාල නැත.
මේ සංධර්භය තුල සැප්තැම්බර් 5 වැනිදා පොදු ජන තරුණ පෙරමුණ සංවිධානය කරන දැවැන්ත උද්ගෝශණය සහ එහි මූලික වැදගත් කම අප කියවා ගත යුතුය.
1. ආණ්ඩුව ගෙනයන ජනතා ද්‍රෝහී ගමන නැවැත් වීමට පෙබරවාරි 10 වැනිදා ඔබ පත්තු කල පලමු වෙඩිමුරයේ දෙවනි අදියර මෙය වීමය
2. ආණ්ඩුවේ අනුවණ පාලනය තුලින් ඔබ ඇතුලු අසාදාරණයට ලක් වූ සියලුම ක්ශේත්‍ර සදහා තැනෙනා වේදිකාව මෙය වීමය
3. ඔබේ දරුවාට යහපත් අනාගතයක් වෙනුවෙන් රටේ සම්පත් සුරැකීමට, කුඩු, පාතාල මිනී මැරුම් වලින් තොර ස්ථාවර රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය දේශපාලනික වෙනස සිදු කිරීමට මෙය වේදිකාවක් වීමය
4. භික්ෂූන් වහන්සේට වන අඩම්තේට්ටම්, රණවිරු දඩයම, දේශපාලන පලි ගැනීම් වලට ඔබ විරුද්ධ නම් ඔබ මෙය වේදිකාවක් කරගත යුතු වීමය
5. මහනුවර වැනි සිද්ධීන් හරහා පටු දේශපාලන වාසි තකා ජාතීන් අතර නොසමගිය ඇති කිරීමට ඔබ විරුද්ධ නම් මෙය වේදීකාවක් වීමය
සැප්තම්බර් 05 වැනි දා විරෝධතාවය හුදෙක් දේශපාලන ධාරාවකට ගොනු නොකල යුත්තේ මේ නිසාය. මෙය රට රැක ගැනීමේ, ඔබේත්, ඔබේ දරුවන්ගේත් අනාගතය සුරක්ශා කර ගැනීමේ ව්‍යායාමයකි. අද තිබෙන මූලික අවශ්‍යතාවය ජනාධිපතිවරණ අපේක්ශකයා කවුද යන්න සාකඡ්චා කිරීම නොව මෙම රජය පෙරලා දැමීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගැනීමය. ජනාධිපතිවරණ අපේක්ශකයා රටේ කැමැත්ත අනුව, ප්‍රතිවාදියා පරාජය කල හැකි හොදම අපේක්ශකයා මහින්ද රාජපක්ශ මැතිතුමන් නිසි වෙලාවට ප්‍රකාශයට පත්කරනු ඇත. එම අපේක්ශකයාට ද වැදගත් වනුයේ ජනතා පෙල ගැස්මයි. එයට මනා ආරම්භයක් සැප්තැම්බර් 05 වැනිදා තැබිය යුතුය.
අවසන් වශයෙන් වෘත්තීය වේදීන් සහ බුද්ධිමතුන් හට ද කාරණාවක් කිව යුතුය. ඔබ බොහෝ දෙනෙක් මේ අදූරදර්ශී ආණ්ඩුවට විරුද්ධ බව පැහැදිලිය. නමුත් ඔබේ විරෝධය ප්‍රදර්ශනයට දැන් කාලය එලෙඹ ඇත. එම සටන වෘත්තීය මට්ටමෙන් මෙන්ම වීදියට ද දියත් කල යුතු අදියර අද එලඹ තිබේ. මෙම වගකීම ඔබ පැහැර හැරියහොත් ඔබේ රටට ලැබෙනා අවසන් අවස්ථාව අහිමි වනු ඇත. සියල්ල අවසානයට ගොනු වන්නේ දේශපාලනයටය. ප්ලේටෝ කියූ මෙන් “උගත් ඔබ දේශපාලන ක්‍රියාවලියෙන් බැහැරව සිටින තාක්කල් ඔබ බලාපොරොත්තු වන රාජ්‍ය පාලනය ඔබට ලැබෙන්නේ නැත”

No comments

About

The Professionals for a Better Future (VIYATHMAGA) is a network of Academics, Professionals, and Entrepreneurs who love the country and wish to contribute actively towards the development of a prosperous Sri Lanka where all citizens can live in peace and harmony. VIYATHMAGA is not a political organisation. It is a civil society movement, wishing to contribute towards the betterment of the country.

Need to talk to us?





Our Contacts

No:765, Ethul Kotte, Kotte.

info@viyathmaga.com