සංවර්ධනය , මානව සම්පත සහ අධ්‍යාපනය – වජිර කාන්ත උබේසිංහ

450 Views

සංවර්ධනය , මානව සම්පත සහ අධ්‍යාපනය  

සංවර්ධනය පිලිබද ගැටලුවේදි සංවර්ධනය වන රටවල් බහුලව භාවිතා කරන අදහසක් වන්නේ සම්පත් හිගය පිලිබද අදහසයි.තම රටවල් සංවර්ධනය  කරා ගෙන යාමට නොහැකි වී ඇත්තේ අවශ්‍ය තරම් සම්පත් නොමැති නිසාවෙන් බව බහුලව භාවිතා කරන සහ පුනුරුච්චාරණය කරන අදහසකි .තවමත් අප අසංවර්ධනයේ දිලිදු මාවත තුල ගමන් කරමින් සිටින්නේ සම්පත් හිගය නිසාවෙන් බව බොහො විට දේශපාලකයන් තම වගකීමෙන් නිදහස් වීම සදහා භාවිතා කරන කරුණූකි . මෙහිදී අප සියලු දෙනා අමතක කරන සහ අපට අමතක කරවන කාරණය වන්නේ මානව සම්පත පිලිබද අදහසයි වර්ථමාන ලොකයේ මානව සම්පත දියුණු කිරීම තුලින් සංවර්ධනය කරා යා හැකි මාවත් සකස් වී ඇත්ෙත්  .දැනුම සහ අදහස් නිෂ්පාදනය වර්ථමානයේ රටකට සංවර්ධනය කරා යා හැකි ප්‍රධාන මාවතක් බවට පත් වී තිබීම ෙහ්තුෙවනි .

සම්පත් යනුවෙන් ස්ථිතික දෙයක් නොමැත එය මිනිසාගේ අවශයතා හැකියා සහ ඔහු පරිසරය පිලිබදව දක්වන ඇගයීම මත බිහිවන දෙයක් වේ . ඒ අනුව අපට  නිර්මාණශීලි ලෙස සිතක්කට හැකි නම් අප සතු  දේවල් සම්පත් බවට පත් කර ගත හැක

.ලංකාව් අධ්‍යපන පද්ධතිය තුලින් බිහි කරන පුරවැසියා සම්පතක් ලෙස රටේ සංවර්ධනයට දායක කර ගැනිමටත් එවැනි නිර්මාණශීලි  නවොත්පාදන බිහි කරන නව අදහස්,මෙන්ම  මානව ප්‍රේමය සහිත හිතුවක්කාරී දේශපාලකයෙකු බිහික ර ගැනීමටත්  අධ්‍යපන ක්‍රමය පරිවර්ථනයකට ලක් විය යුතුය .සම්ප්‍රදාය නැමති මඩ ගොහොරුවේ ගිලී ඇති සමාජය පරිවර්ථනයකට ලක් කිරීමට නම් අධ්‍යපන පද්ධතිය තුල නව්‍ය කරනයක් ඇති කල යුතුය .ලංකාවේ මේ දක්වා සිදු කල කිසිදු අද්‍යපන ප්‍රතිසංස්කරණයකින් රටේ ආර්ථික වර්දනයට අවශ්‍ය ශ්‍රමිකයා නිෂ්පාදනය කිරීමට අපොසත් වී තිබේ.විශා ල ණය බරක් සමග දළ ජාතික ආදායමෙන් වැඩිම පංගුව ණය පොලී සහ ණය වාරික ගෙවීම වෙනුවෙන් වෙන් කරන අසාර්ථක රාජ්‍යයක ලක්ෂණ පෙන්නුම් කරන අප රටට  ඉතා ඉක්මනින් අධ්‍යපන ප්‍රතිසංස්කරනයක් අවශ්‍ය වන්ෙන් ෙම් නිසාෙවනි .

.අප මෙතෙක් කලක් සිදු කර ඇත්තේ අප සතු මානව සම්පත දියුණු කරනවා වෙනුවට මොට කරන  අධ්‍යපනයකි . විභාගය පමණක් ඉලක්ක කර ගත් විෂය නිර්දේශ හමුවේ තරගය නැමති ගල් රොල විසින් මානව සම්පත් තුල අැති දියුනු කල හැකි වෙනත් කුෂලතා  තලා විනාශ කර දමා ඇත .එහෙයින් විභාග කේන්ද්‍රිය අධ්‍යපන ක්‍රමය වෙනුවට පුද්ගල කුෂලතා දියුණු කරන අධ්‍යපන ක්‍රමයක් බහි විය යුතුය .වර්තමානය වන විට දැනුම ලබා දීමට වඩා සිදු විය යුත්තේ දැනුම ලබා ගත හැකි කුෂලතාවයන් දියුනු කිරීමය .හෙතුව වර්තමානයේ  දැනුම වෙගයෙන් යල් පැන ගිය එකක් බවට පත වන අතර නව දැනුම යලි යලිත් ඇති වීමය .අතීතයේ අධ්‍යපනයෙ අරමුණු ලෙස විස්තර කල දැනුම ආකල්ප කුසලතා  වල දැනුම මැනීම සදහා භාවිතා කලවිභාග ක්‍රමය තුලින් අකල්ප සහ කුෂලතා සංවර්ධනය වීමක් සිදු නොවන අතර  ෙපාෙත්  දැනුම පමණක් කරපින්නා ගත් සහතික පමණක් අතැති . අසාර්තක නිළධාරීන් රට වෙනුවෙන් තීරණ ගන්නේද අවම වශයෙන් දැනුම වත්  නොමැති දේශපාලකයින්  තම පාලකයින් ලෙස පතකර ගන්නා ජනතාවක් නිර්ෙමාණය වන්නේ  අධ්‍යපනයේ ගැටලුව නිසාවෙනි .අපි අධයපනය තුලින් රටට අවශ්‍ය මානව සම්පත නිර්මාණය කරන්නේ කෙසේද? යන ගැටලුවට අප විසදුම් සොයා නොමැත .මේ සදහා පැලැස්තර ප්‍රතිසංස්කරණ වෙනුවට ගැටලුව ගැඹුරින් හදාරා ගැලපෙන අධ්‍යපන ප්‍රතිසංස්කරණයන් ඇති කිරීම වර්තමාන රජය හමුවේ ඇති අභියොගයකි .

සි ඩබ් ඩබ් කන්නංගර මැතිතුමාගේ නිදහස් අධ්‍යපන ප්‍රතිසංස්කරණ ඒ යුගයේ ඉතාමත් ඉදිරිගාමී පියවරක් විය ඒ වෙනුවෙන් විශාල ජනතා බලවේගයක් ගොඩනැගුනු අතර එම ජනතා බලවේගයේ බලපෑම මත පැවත් රජයට නිදහස් අධ්‍යපන පනත ඉක්මනින් ගෙන ඒමට මෙන්ම අදාල ප්‍රතිසංස්කරණ ඉක්මනින් සිදුකිරීමටද සිදු විය.එහි ප්‍රතිඑලයක් ලෙස ලංකාවේ සාක්ෂරතාවය ඉතා ඉක්මනින් ඉහල නැංවීමට හැකියාව ලැබිණි .එ අනුව සංවර්ධිත රටක මට්ටමට සාක්ෂරතාවය ඉහළ ගියේය. එහෙත් නිදහස් අධයපන පනතට පසුව සිදුවූ කිසිදු අධ්‍යපන ප්‍රතිසංස්කරණයකින් රටේ සංවර්ධනයට අවශ්‍ය කරන පුහුණු මානව සම්පත ගොඩ නැගිම සිදු දකල නොහැකඅි වුයේ සිදු කරන ලද ප්‍රතිසංස්කරණ සියල්ලම කරන්නන් වාලේ සිදු කලා මිස පුලුල් හා ගැඹුරු අධ්‍යයනයකින් පසුව නියාමන ආදර්ශයන් ලෙස සිදු කර යහපත් අයහපත් ප්‍රතිඑල සැලකිල්ලට නොගෙන අධ්‍යයපන පද්ධතිය තුලට ඇතුල් කිරීම නිසා අධ්‍යයපන පද්ධතිය විකෘති වීය. වරින් වර බලයට පත්වු අධ්‍යපන ඇමති වරුන්ගේ පෞදගලික අදහස් අධ්‍යපන ප්‍රතිසංස්කරණ ලෙස ඉදිරිපත් වීම මෙම තත්වය දරුණු කරනු ලැබිය. මේ හේතුව නිසාම 1991 දී අධ්‍යපන ප්‍රතිසංස්කරණ උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා කොමිෂන් සභාවක් ස්ථාපිත කරනු ලැබුවද ලංකාවේ අධයපනයෙන් නිර්මාණය වු නිළදාරීන්ගේ අකාර්යක්ෂමතාවය සහ සාම්ප්‍රදායිකත්වයේ මඩ වලවල් වලින් එලියට ඒමේ නොහැකියාවත් ඇමතිවරුන්ගේ අධික බලය හමුවේ වකුටු වි ගිය කෂේරුකාවනුත් හේතුවේන් ඉදිරිගාමී අධ්‍යපන  ප්‍රතිසංස්කරණයන්  සිදු කිරිමට පැවති ආන්ඩු වලට නොහැකි විය .එසේම රට සංවර්ධනය කරා ගෙන යාමට නිෂ්චිත වැඩපිලිවෙලක් ඉදිරිදැක්මක් ඉදිරිපත් කර ඒ සදහා අධ්‍යපනය මෙහෙය යුතු වුවද අදටත් රජයේ ප්‍රතිපත්ති සෙ සලකන්නේ මැතිවරණය වෙනුවෙන් ජනතාවට ලබා දෙන පොරොන්ු මලු වේ  ඒ නිසා මානව සම්පත රටේ සංවර්ධනය වෙනුවෙන් දියුණු කිරීමේ රැඩිකල් වෙනස් කම් වලට නොගොස් ජාම බේරාගෙන බලය රැක ගැනීමේ ණය සංවර්ධනය කිරීම දිගින් දිගම සිදු කලේය .අධ්‍යපන පද්ධතිය බිද වැටිනි.

දැන් රට ණය උගුලින් බේරා ගැනිමටත් රට තුල විනය හික්මීම ප්‍රජාත්‍රන්ත්‍රවාදය මෙන්ම සෞඛ්‍ය සම්පන්න මිනිසෙකු මෙන්ම තම රටට ගහකොළට මහපොලවට ආදරය කරන පුරවැසියෙකු නිර්මාණය කිරීමට නම්   නම් අප සතු මානව සම්පත නිෂ්පාදන සාධකයක් ලෙසත් පූර්ණ පුරවැසියෙකු ලෙස අනාගතය වෙත පිය නැගිය හැකි අයෙකු ලෙස   නිර්මාණය  කිරිම සදහා අධයපන  ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුය

. ඒ සදහා

මානව සම්පත ව්‍යවසායකයෙක් ලෙස සංවර්ධනය කිරීම

මානව සම්පත නිවරදි තිරණ ගන්නේ්කු ලෙස සංවර්ධනය කිරිම

සැලසුම් සම්පාදකයෙක් මෙන්ම සැලසුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහිත පුද්ගලයෙක් බවට පත් කිරීම

තාක්ෂණ මෙවලම් තනන්නෙකු මෙන්ම නව නිර්මාණ බිහිකරන්නේකු ලෙස සංවර්ධනය කිරීම

අවධානම දරාගෙන ක්‍රියා කරන්නෙකු  ලෙස වැඩි දියුණු කිරීම

කාර්යක්ෂම ලෙස සමපත් උපයොජනය ක හැකි කලමනාකරණ  හැකියාවන් ලබාදීම

සියල්ලටම වඩා ජාතික හැගීමෙන් කටයුත් කරන්නෙකු ලෙස පුහුණු කිරිම

තර්කනය බුද්ධිය විචාරශිලි බව අනාගත අවදානම විශ්ලේෂණය පොදු බව කන්ඩායම් හැගීම අභියොග අවස්ථා පිලිබද හැගිම  පුලුල් සහ ගැඹුරු අවධානය  රසවින්දනය විනොදය  වැනි ගුනාංග වැඩි දියුණු කිරීම  තුලින් දියුණු මානව සම්පතක් ගොඩනගා ගත හැකිවේ ..මේ සදහා විභාග කේන්ද්‍රිය අධ්‍යපනය වෙනුවට දැඩි තරගකාරී අධයපනය වෙනුවට නව දැනුම අදහස් බිහි කරන ඉහළ පෞර්ශ ගුනාංගයන් වලින් යුත්  පුරවැසියෙකු බිහි කිරිම උදෙසා අසම්ප්‍රදායික හිතුවක්කාරි එහෙත් තිරසාර  ප්‍රතිසංස්කරණයක් ඉතා ඉක්මනින් සිදු විය යුතුය

(ලී ක්වාන් යු  වරක් මෙසේ පවසා තිබිනි . මා මාගේ සිංගප්පුරුව දියුණු කරනු ලැබුයේ මානව සම්පත කෙරෙහි විස්වාසය තැබීමෙනි ඒ කරුණු 3ක් ඔස්සේය.

01 මිනිසා ගුණවත් කිරිම

02 මිනිසා නැණවත් කිරීම

03 මිනිසා සෞඛ්‍යවත් කිරීම )

මානව සම්පත් කලමනාකරණය  තුලින් ලොකයේ වෙගවත් සංවර්ධනයක් අත්පත් කරගත් සිංගප්පූරු අගමැති වරයා තම රට සංවර්ධනය කෙරෙහි මුලින්ම සිදු කරන ලද්දේ තම රට සතු මානව සමපත සංවර්ධනය කිරීමයි ඒ නිසා එරට ට පැමි ණිආයොජන වලට පුහුනු සහ ධකාත්මක ආකල්ප සහිත ශ්‍රමිකයින් ලැබුණු අතර ආයොජන දිරි ගන්වනු ලැබීය .ලංකාව 1977 සිට අද දක්වා විදේශ ආයොජන කෙරෙහි බලාපොරොත්තු තබාගෙන සිටියද අප රට ආයොජකයින් ගේ පැමිණීම දුර්වල කිරීමට අප සතු මානව සම්පතහි දුර්වලතාවයද බලපෑවේය .විශේෂයෙන් ඇගලුම් වැනි කර්මාන්ත අප රටට පැමිණි නමුත් තාක්ෂණික කාර්මික අංශ වල ආගමනයක් සිදු නොවීමට හේතු වුයේ  අප රට සතු දියුණු මානව සම්පතක් අධ්‍යපනය තුලින් වර්ධනය කිරිමට අපොසත් වීමය. එසේම ආකල්ප සංවර්ධනය කෙරෙහි අධයපන අමාත්‍යංශය පමණක් නොව දෙමාපියන් පවා දකවන්නේ අඩු අවධානයකි .විභාග ලකුණු මත සිසුන් මැනෙන අතර ඔවුන් සතු විභවතා සංවර්ධනය කෙරෙහි අවධානය යොමු නොකිරීම ලංකාවේ අධ්‍යපන ක්‍රමය තුල ඇති ප්‍රබල අඩුවකි .අද දක්වාම විදේශ ආයොජන ලංකාව කෙරෙහි අවධානය යොමු නොකිරීමට හේතුව වෙළදපොළ සාධකයට වඩා එලදායිතාවය පිලබද සාධකය බලපා ඇත. ඉංග්‍රීසි අධයපනය මෙන්ම තාකසණික දැනුම පුහුණුව  ආකල්ප වෘත්තිය අධ්‍යපනය පාසල් පද්ධතිය තුල දුර්වල මට්ටමක පවතින අතර නීරස් විෂය නිර්දේශයන් වන පොත් කිරීමට සිසුන් පොළබවා ඇත මේ තුල පාලනය කිරීමට නොහැකි ලෙස ටියුෂන් අධ්‍යපනය පැතිර යාම සිදුව ඇත .

ජාතික අධ්‍යපන කොමිෂන් සභාව විසින් 2003 වසරේ දී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යපනය පිලිබදව ජාතික ප්‍රතිපත්ති රාමුවක් සදහා යොජනා කරන ලද මූලික නිපුනතා කීපයක් අධ්‍යපන අමාත්‍යංශය අධ්‍යපනය තුලින් වර්ධනය කරගතයුතු මුලික නිපුනතා යටතේ දක්වා ඇත

01 සන්නිවේන නිපුනතා

සාක්ෂරතාවය

සංඛ්‍ය පිලිබද දැනුම

රෑපක භාවිතය පිලිබද නිපුනතාවය

02 පෞර්ෂ වර්ධනයට අදාල නිපුනතා

03 පරිසරයට අදාල නිපුනතා

04 වැඩලොකයට සුදානම් විමේ නිපුනතා

05 ආගම සහ ආචාරධර්මයන්ට අදාල නිපුනතා

06ක්‍රීඩාව සහ විවේකය ප්‍රෙයාජනයට ගැනීමේ නිපුනතාවය

07 ඉගෙනුම සදහා ඉගෙනීම පිලිබද නිපුනතාවය

කප්පරක් සැලසුම් දර්ශක අරමුනු චක්‍රෙලේඛන  තිබුනද අධයපනය එක තැන පල්වෙන්නේ ඇයිදැයි කිසිවෙක් මේ දක්වා ප්‍රශ්ණ කර නැත .වචන සහ භාවිතාවත් භාවිතාව සහ ප්‍රතිඑලයත් අතර ඇති හිදැස් පුරවා දැමීමකින් තොරව අධ්‍යපනය සකස් කල නොහැක.අනුකාරක වාදී නිළධරුවන් පිරිසකට කල හැකි ප්‍රමාණය දශක කීපයක් තිස්සේ පෙන්වා දී ඇත .මීට වඩා යමක් මෙවැනි අනුකාරක වාදී සැලසුම් කරවන්ගෙන බලාපොරොත්තු විය නොහැක .දැන් අවශය වන්නේ අවධානම දරාගත් සාධනීය අධ්‍යපන විප්ලවයකි .ඒ සදහා අලුත්  මිනිසුන් සමුහයක් සැලසුම් කරණයටත් තීර්ණ ගැනීමටත් පත් විය යුතුය .සියලු දෙනා සතුට කීරීමට යන අයිස්ක්‍රීම් වෙළදාම අධ්‍යපන ක්ෂත්‍රෙය් තව දුරටත් සිදු නොවිය යුතු අතර නිවරදි දේ න්‍යයාත්මකව කවර බලපෑමක් හමුවේ උවද සිදු කර අදට නොව හෙටට ඇවසි සතුට වෙනුවෙන්  තීරණ ගත යුතු වෙමු .

මෙහි ඇති ගැටලුව වන්නේ ඉහත සදහන් නිපුනතා සකස් කිරිමේදී ලගාකර ගැනීමේ ක්‍රම වේදයන් දක්වා නොතිබිමත් නිපුනතා වල ක්‍රමවත් භාවයක්  නොමැති වීමත් අධ්‍යපන බලධාරීන් මේ පිලිබදව දැනුවත් නොමැති වීමත් ප්‍රාෙයාගිකව පවතින විෂය මාලා සමග නොගැලපීමත් නිසා මම නිපුනතා එක් එක් වයස් සීමාවන් සමග සමපාත නොකිරීමත් නිසා මෙවා හුදෙක් ලියවිලි වබට පමණක් පත් වී තිබේ .එම නිසා රටට අවශ්‍ය කරන දියුණු මානව සම්පතක් බිහි කර ගැනීම සදහා මෙම මුලික නිපුනතා නැවත් සකස් කර ගත යුතුව ඇත.එසේම මේ සදහා විෂය මාලාවක් මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් හදුන්වා දිය යුතු වේ .ලංකාවේ අධ්‍යපනය නැවත සකස් කිරීමට නම් ගැඹුරු සහ පලල් හැදෑරීමක් මගින් අවශ්‍ය අධ්‍යපන ක්‍රමය සකස් කර ගැනීම සිදු කල යුතු වේ.සිද්ධි කලමනාකරණයෙන් එහා ගිය අධ්‍යපන වෙනසක් අවශ්‍ය කරනුයේ ඒ සදහායි .

එහිදී ගුරුවරුන් සංවර්ධනය කිරීම අනිවාර්ය කොන්දේසියකි වන්නේය ලංකාව තුල ගුරු භූමිකාව පත්ව ඇති අසරණ තත්වය අනුව ගුරුවරයාට අනෙකුකට මග පෙන්වීමට තබා තමන්ට මග් පෙන්වා ගැනීමටවත් දැක්මක් නොමැති බව සමහර සිදු වීම් තුලින් පෙනේ .එසේම ගුරු භූම්කාව එකතැන පල්වෙන භූමිකාවක් බවට පත් කර ඇත. සිංගප්පූරුව වැනි රට වල ගුරුවරුන් සදහා ඉහළට ගමන් කල හැකි රැකියා මාර්ගයන් අැති කර අැති නමුත් ලංකාෙව් උපග්‍ුරුවරෙයකු ෙලස ෙස්වයට බැදි උපගුරුවරෙයකු ෙලසම විශ්‍රම යන ක්‍රම ෙවදයක් අැත ඒ් අතර තුර විභාගයන් සදහා ඉදිරි පත් ෙනාවුවෙහාත් හැකියාව ෙහා දක්ෂතාවය කැපවිම  මත ඉහළ යාෙම් හැකියාවක් ෙනාමැත .

අපි දැක්මක් හො අරමුණක් රහිතව අධ්‍යපනය දියුණූ කිරීමට යාමේ ගැටලුවට මුහුණ දෙමින් සිටිමු .විසදුම් අහිමි ගැටලු කරමත තබාගෙන අනාගතය කරා බඩ ගෑමට පරම්පරා කීපයකට සිදුව ඇත්තේ අධ්‍යපනයෙන් නිර්මාණය කල යුතු පූර්ණ පුරවැසියා නිර්මාණය කිරීමට අපොසත් වීම නිසාවෙනි .

මානව සංවර්ධන දර්ශකයේ ඉහල අගයක් කරා රට ගෙන යා හැකි තෘප්තිමත් සතුටින් තම ජීවිතය ගතකරන මත් පැන් කුඩු  ගංජා වලින් විමුක්තිය නොසොයන සාමකාමී ඉහළ පෞර්ෂයකින් යුත්  තම රට ණය බරින් මුදවා ගෙන අනාගත පරපුර සදහා බාරදිය හැකි පරම්පරාවක්  නිර්මාණය කිරීම සදහා අධ්‍යපන ක්‍රමය ඉතා ඉක්මනින්  ප්‍රතිසංස්කරණයකට ලක් විය යුතුය .

වජිර කාන්ත උබේසිංහ

No comments

About

The Professionals for a Better Future (VIYATHMAGA) is a network of Academics, Professionals, and Entrepreneurs who love the country and wish to contribute actively towards the development of a prosperous Sri Lanka where all citizens can live in peace and harmony. VIYATHMAGA is not a political organisation. It is a civil society movement, wishing to contribute towards the betterment of the country.

Need to talk to us?





Our Contacts

No:765, Ethul Kotte, Kotte.

info@viyathmaga.com