ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ශේත්‍රය සදහා Blockchain තාක්ෂණය යොදාගැනීම

හිතන්න ඔබ චීනයේ ජීවත් වන ස්මාර්ට් ජංගම දුරකථනයක් හිමි අයෙක් බව.ඔබට පුලුවන් Alibaba වෙතින් භාණ්ඩ මිලදී ගැනීමට, Alipay විසින් ඒ සදහා ගෙවීම් කිරීමට, ඔබ සතුව අමතර මුදල් ඇත්නම් එය Ant Financial  Money Market Fund එකෙහි ආයෝජනය කිරීමට.

දැන් බලමු ශ්‍රී ලංකාව දෙස.අපගේ e- commerce ආයතන හරහා මිලදී ගැනීම් කරන්න පුලුවන්.ගෙවීම් කිරීමට e-wallets නම් ලංකාවේ නොමැත.ඔබට credit card හෝ debit card වෙතින් හෝ cash on delivery කල හැකියි.අමතර මුදල් ඇත්නම් කෙටිකාලීන අයෝජනයට ඔබගේ බැංකුව හෝ වෙනත් මූල්‍ය ආයතනයක සහය පැතිය යුතුයි.ඉහත සදහන් කල සියලු කටයුතු online කරගැනීම අපේ රටේ නම් තවම සිහිනයක් පමණයි.

KYC – Know Your Customer

මහ බැංකුව විසින් සියලුම මුල්‍ය ආයතන වෙත නිකුත් කර ඇති නියෝගයක් නම් මෙමෙ KYC යන්න. එනම් ඔබ ඔබගේ ගනු දෙනු කරුවා පිළිබද විස්තර දැනගත යුතුයි.එනම් එම ගනුදෙනුකරුවාට මුදල් ලැබුනේ කෙසේද කොපමණ  ප්‍රමාණයක් ආයෝජනය කරනවාද,රැකියාව, වයස, ස්ථිර ලිපිනය ආදී බොහෝ කරුණු පිලිබදව විමසා සිටිනවා.මෙම කරුණු පුරවා දීමට අප අනිවාර්යයෙන් අදාල බැංකුවේ හෝ මුල්‍ය ආයතනයේ පෙනී සිටිය යුතුමයි.

NTB බැංකුව විසින් ආරම්භ කර ඇති Frimi app එක පිලිබඳ ඔබ දන්නවා ඇති. එහිදී අපට සෙල්ෆි ජායාරූපයක් සහ හැදුනුම්පතේ ජයාරූපයක් ලබා දීමෙන් ලියාපදිංචි විය හැකියි. නමුත් ලගදී පවතී ආර්ථික සමලුවකදී  NTB බැංකුවේ  ඩිජිටල් අංශය බාරව සිටින Nazeem Mohammed මහතා  පැවසුවේ එම ලියාපදිංචිය ප්‍රමාණවත් නොවන බව මහා බැංකුව පවසන බවයි.එහි ලියාපදිංචි වීම සදහා සාම්ප්‍රදායික KYC ක්‍රමය අනුගමනය කල යුතු බව මහ බැංකුව නියෝග කර ඇතිබවයි.

මෙහි විශේෂම කාරණය 2017 වසරේ  ශ්‍රී ලංකාවේ සම්මතවූ The Electronic Transaction Amendment Bill යටතේ electronic අත්සන්  සහ biometric ඩිජිටල් හැදුනුම්පත්  සදහා යොදා ගත හැකි බව සදහන්වී තිබියදීත් මහ බැංකුව විසින් එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමයි.

Blockchain Base Digital Identity For KYC -blockchain මත පදනම්වූ ඩිජිටල් හැදුනුම්පත

Blockchain තාක්ෂණය මගින් අපට පුලුවන් අපටම ආවේණිකවූ ඩිජිටල්  හැදුනුම්පතක් සකසා ගත හැකියි.අප රටට ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීම සදහා යම් යම් කතාබහක් ඇතිවී තිබුණත් එය කතාවට පමණක්ම සීමාවී තිබෙනවා.

රජය මැදිහත්වීමකින්  blockchain මත පදනම්වූ ඩිජිටල් හැදුනුම්පත්  එකක් ක්‍රියාත්මක කලහොත් ඉහත සදහන් කල Frimi app එකට හෝ වෙනත් මුල්‍ය ආයතනයක ලියාපදිංචි වීමේදී අපහට මෙම blockchain ඩිජිටල් හැදුනුම්පත්  යොදාගතහැකියි.අප ගිණුමක් ව්වෘත කරන විට , වෙනත් ආයෝජනයක් කරන විට, ගෙවීමක් කරන විට ආදී සියලුම කටයුතු සදහා මෙම ඩිජිටල් හැදුනුම්පත යොදාගතහැකියි.

Cross Border Payments – දේශසීමා අතර ගෙවීම්

දශක ගනනාවක් පුරා දෙරටක පිහිටි  බැංකු අතර සිදුවන සිදුකරන ලද්දේ SWIFT( Society for Worldwide Interbank Settlement) මගින්.නමුත් SWIFT හට දැන් නව තරග කරුවෙක් සිටිනවා.ඒ blockchain තාක්ෂණය මත පදනම්ව මෙම දේශ සීමා අතර  ගෙවීම් කලහැකි ripple network.SWIFT මගින් දේශ සීමා අතර ගනුදෙනු පියවීමට දින කිහිපයක් ගතවිය හැකිමුත් ripple network හරහා එය ක්ෂණිකවම සිදුකලහැකියි.Ripple මගින් මේ සදහා අයකරන ගාස්තු SWIFT සමග සසඳන විට ඉතාම අඩුයි.මේ වනවිටත් ඔවුන් ජපානයේ බැංකු 61 සමඟ එකතු වී ඒ සදහා app එකක් සාදා තිබෙනවා.ලොවපුරා වෙනත් බැංකු ගනනාවක් ඔවුන් සමඟ එකතුවී මේ සම්බන්ධව කටයුතු කරනවා.

ශ්‍රී ලංකාව ඇතුලත මුදල් හුවමාරු කලහැකි ක්‍රම කිහිපයක්ම තිබෙනවා.RTGS, SLIP සහ CEFT ආදී ලෙස.මෙම ක්‍රම තිබුණත් අපට අවශ්‍ය වෙලවට ක්ෂණිකව මුදල් යැවීමට මෙම සේවාවන් ප්‍රමාණවත් මදි.මෙම බොහෝ සේවාවන් සති අන්තය තුලදී ක්‍රියාත්මක වන්නේ නැහැ.මැද පෙරදිග සහ ලොව අනෙකුත් රටවල සිටින් ශ්‍රී ලාංකිකයන් මුදල් එවීමේදී ඒ සදහා අඩුම වශයෙන් දින දෙක තුනක් ගතවනවා.ශ්‍රී ලාංකීය බැංකු මෙම නව තාක්ෂණය අත්හදා බලනවානම් අපේ නෑහිතමිතුරන් හට ප්‍රමාදයකින් තොරව මුදල් යැවීමට, එවීමට හැකියාව ලැබෙනවා.

Teade Finance -වෙළෙඳ ගනුදෙනු

සාම්ප්‍රදායික වෙළෙඳ ගනුදෙනුවකදී භාණ්ඩ ආනයනකරු, අපනයන කරු,නැව සමාගම්, බැංකු ආදී ගනුදෙනුවට සහභාගී වන සියලුම පාර්ශවයන් අතර එම ගනුදෙනුවට අදාල සියලුම දත්ත ගබඩාවක් තිබිය යුතුයි.මෙම සියලුම දත්ත එක් එක් දත්ත අතර නිරන්තරයෙන් සැසදීම කලයුතුයි.කිසියම් ලේඛනයක වැරැද්දක් තිබුවහොත් එය නිවැරැදි කිරීමට කටයුතු කලයුතුයි.මෙම ක්‍රියාවලියට සාමාන්‍යයෙන් දින කිහිපයක සිට දින 10 ක් දක්වා කාලයක් ගතවිය හැකියි.

නමුත් මෙම ක්‍රියාවලියට blockchain තාක්ෂණය යොදාගහොත් එක ඩිජිටල් ලියවිල්ලක් තුල එම ගනුදෙනුවට අදාල සියලුම දත්ත ගබඩා කලහැකියි.එමෙන්ම එය ක්ෂණිකව යාවත්කාලීන කලහැකියි.එම ගනුදෙනුවට අදාල සියලුම පාර්ශවයන් හට එම දත්ත එකම වේලාවකදී දැකිය හැකි වනවා.

මෙම වසරේ මැයි මාසයේදී HSBC බැංකුව විසින් ලොව ප්‍රථම blockchain මත පදනම්වූ වෙළෙඳ  ගනුදෙනුව සිදුකරනවා.HSBC පවසා සිටියේ සාමාන්‍යයෙන් දින 10 පමණ ගතවන එම ගනුදෙනුව පැය 24 ඇතුලත සිදුකල බවයි.

– චාමිකර සපුගේ

2050 දි මොකද වෙන්නෙ???

2050 වන විට මගේ වයස හරියටම අවුරුදු 70 කි. මගේ පුතාගේ වයස අවුරුදු 38 කි. ඒ හරියටම මේ සටහන ලියන අද මාගේ වයසයි. මට අවුරුදු 38 දී මා අත් දකින්නේ බටහිර ආධිපත්‍යයෙන් (Western Centric) හසුරුවන ලෝකයේ අවසන් අදියරයි. මගේ පුතාට අවුරුදු 38 වන විට ලෝකය කුමන හැඩයක් ගනීද යන්න තේරුම් ගැනීම ලංකාවේ වෙසෙන මා වයසෙහි දෙමාපියන්ට අනාගත තීරණ ගැනීමට වැදගත් වනවාට සැකයක් නැත.
2018 වන විට ලෝකයේ පලමු ආර්ථික බලවතුන් දස දෙනා කවුරුන් දැයි විමසා බලමු…
1. ඇමරිකා එක්සත් ජනපදය
2. චීනය
3. ජපානය
4. ජර්මනිය
5. එක්සත් රාජධානිය
6. ප්‍රංශය
7. ඉන්දියාව
8. බ්‍රසීලය
9. ඉතාලිය
10. රුසියාව
2018 වන විට රුසියාවත් යුරෝපීය රටක් වශයෙන් ගණනය කලත් (රුසියාව බටහිර-යුරෝපීය Euro-Centric ව්‍යාප්තවාදයට විරුද්ධ රටකි) ලෝක දළ දේශීය නිශ්පාදනය අතර පළමු දහයේ සිටින ආසියානු රටවල් වන්නේ චීනය සහ ඉන්දියාව පමණි. ජපානය ආසියාතික රටක් වුවත් බටහිර ව්‍යාප්තවාදයට (Western Centric) අනුකරණය වූ රටක් ලෙස පැහැදිලිව හදුනා ගත හැකිය.
2050 වන විට තත්වය ලෝකයේ පිලිගත් නිර්ණායකය අනුව ලෝක ආර්ථික පරිණාමයන් පිලිබද දැන් විමසා බලමු. වර්ෂ 2050 වන විට ආර්‍ථක ප්‍රමාණයන් සගරාවට අනුව:
1. චීනය
2. ඉන්දියාව
3. ඇමරිකා එක්සත ජනපදය
4. ඉන්දුනීසියාව
5. බ්‍රසීලය
6. රුසියාව
7. මෙක්සිකෝව
8. ජපානය
9. ජර්මනිය
10. එක්සත් රාජධානිය
ලොව සුපතල Economist සගරාවේ ප්‍රක්ශේපණය අනුව ඔබට එකක් පැහැදිලි විය යුතුය. 2050 වන විට ලෝකයේ ආර්ථික බල සංයුතියේ Western Centric නොවන රටවල් කරා විස්ථාපනය වීම අනිවර්යය. 2015 දී ලෝක දළ දේශීය නිෂ්පාදනයෙන් 30% ක් වන ආසියානු දළ දේශීය නිෂ්පාදනය 2050 වන විට 52% දක්වා ඉහල යනු ඇත. එම පුරෝකථනය අනුවම 2050 වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඒක පුද්ගල ආදායම අතින් ඩොලර් 65,000 ක් වනු ඇති බවට සගරාව 2014 දී අනාවැකි පල කලේය. ඒ අප රට 2009 සිට 7% වඩා වේගයෙන් ආර්ථික වර්ධනය අත් කරගත් නිසාය. 2015 ජනවාරි 9 වෙනිදා මේ සියල්ල කනපිට පෙරලුනි.
2015 දී කරගත් වෙනසේ සැප අනුව අද වන විට රටේ ආර්ථිකය සැලකිය යුතු පසුබෑමකට ලක්ව ඇත. රටේ ණය බර ආර්ථිකයට සාපේක්ශව 2014 දී 71% සිට 2017 දී 78% දක්වා ඉහල ගොස් ඇත. (මූලාශ්‍රය මහ බැංකු වාර්ථාව )
ඒ සිදුවූ ආර්ථික පරිහානියය. ඊට වඩා වැදගත් ලෝක ආර්ථික බල කේන්ද්‍ර පරිණාමයෙහි ආසියාව ඉදිරියට එන විට දකුණු   ආසියාවේ ලෙඩා (Economic Sick Man of South Asia) ලෙස ශ්‍රී ලංකාව මෙම ආර්ථික ඔස්තාර්ලා විසින්ප ත් කිරීමය. රවී කරුණානයාක හිටපු මුදල් ඇමතිවරයාට අනුව අද ආර්ථිකය මෙහවන්නන් දිනකට කාලය යොදන්නේ සුරුට්ටු දෙකක් උරණ කලයය. අද වන විට රනිල් අගමැතිවරයා ලෝකයම ආර්ථික අවපාතයකට ගමන් කරනා බව පවසා සිටී. නමුත් අප කලාපයේ ඉන්දියාව 7% කින් ද, බංග්ලාදේශය 7% කින් ද, පකිස්ථානය 5.8% කින් ද කුඩා මාලදිවයින මාලදිවයින 6.9% කින් ද 2018 වසර තුල වර්ධනය වෙනිමින් පවතී. නමුත් ලංකාව වර්ධනය  වන්නේ 3.8% කිනි. ලෝකයේ ආර්ථික අවපාතයක් තබා අප කලාපයේ ද අවපාතයක් නැත. රටට කෙලවී ඇත්තේ අදූරදර්ශී ආර්ථික කළමනාකරණය සහ UNP-Arjun බැදුම්කර වංචාවෙන් වුන හානියයි…
අද වන විට මුදල් අමාත්‍යංශය පනවා ඇති ආනයන සම්බාධක වලින් ඔබට වන හානිය මා නොකියවූවත් තව මාස දෙක තුනක් ඇතුලත දැනෙනු ඇත. බැදුම්කර පාඩුවට ඔබ අද ඉන්ධන ඉහල යාමෙන් වන්දි ගෙවමින් සිටී. 2050 දී ඔබේ දරුවාට සංවර්ධිත රටක් අත්පත් කර දෙනවා තබා ඔබේ දරුවාට යන්තම් හෝ ජීවත් විය හැකි රටක් මෙම අදූරදර්ශී අමන පාලකයන් සිටියහොත් නොලැබෙනු ඇත. තවමත් ප්‍රමාද නැත. 2019 දී තීරණය ඔබ සතුය. 2050 දී ඔබේ දරුවා සංවර්ධිත ශ්‍රී ලංකාවක ජීවත් විය යුතු ද? එසේ නම් මේ දේශද්‍රෝහී ආණ්ඩුව හැකි මුල්ම අවස්ථාවෙහි පලවා හැරිය යුතුය.
දමිත වික්‍රමසිංහ
MBA(UK) / BSC(AUS)

About

The Professionals for a Better Future (VIYATHMAGA) is a network of Academics, Professionals, and Entrepreneurs who love the country and wish to contribute actively towards the development of a prosperous Sri Lanka where all citizens can live in peace and harmony. VIYATHMAGA is not a political organisation. It is a civil society movement, wishing to contribute towards the betterment of the country.

Need to talk to us?





[recaptcha]

Our Contacts

No:765, Ethul Kotte, Kotte.

info@viyathmaga.org