1953 කොරියන් යුද්ධයෙන් වෙන් කෙරුනු කොරියානු අර්ධ ද්වීපයේ… 1960 දී දකුණු කොරියාවෙහි පලමු වරට හමුදා කුමණ්ත්‍රනයක් සිදු විය. එම බල පෙරලියත් සමග දකුණු කොරියාවේ පාලනයට හමුදා ප්‍රධානී ජෙනරාල් පාර්ක් පත් විය. ඉතා කෙටි කලකට සූක්ෂමව ප්‍රජාතාන්ත්‍රික නාමික පාර්ලිමේන්තුවක් හරහා ඔහු තම බලය තව තවත් තර කර ගත්තේය. අවසානයේදී ජෙනරාල් පාක් කොරියාවේ ජනාධිපති, හමුදා සියල්ලෙහි සේනාධිනායකයා මෙන්ම උත්තරීතර නායකයා බවට ද ඔහු පත්විය.
ඉක්බිතිව එළඹුනේ ජෙනරාල් පාක් ගේ 18 වසරක මර්දනකාරී පාලනයයි. සියලුම විපක්ශ කණ්ඩායම් මර්ධනය කිරීම මුලින්ම ඇරඹුනි. සමහරක් විපක්ශ නායකයින් වරදාන වලින් තම කණ්ඩායමට අනුගත කර ගත් පාක් අනෙක් සියලුම දෙනා පොලිස් රාජ්‍යයක් හරහා බොරු චෝදනා නගමින් විටෙන් විට සිරගත කලේය. ඒ ප්රජාතන්ත්ර විරෝදී මර්දනය අතරතුර ඔහු රටේ සම්පත් කොල්ල කමින් සුපිරි ධනවතෙකු බවට දිනෙන් දින පත්විය.
1978 දී වසර 18 ක මර්දනකාරී, පීඩාකාරී රජයකින් කොරියානු ජනයා හෙම්බත්ව සිටියහ. එම අසහනකාරී තත්වය පුපුරා එලියට ආවේ ක්වන්ග්ජූ නගරයේ ඇති වූ ශිෂ්‍ය අරගලයක ආරම්භයකිනි. මුලින් පාක් ජෙනරාල්වරයා හමුදාව යොදා ශිෂ්‍ය වර්ජනය මැඩ පැවැත්මට උත්සහ කලේය. එය සාර්ථක වනවා නොව එය මහා ජනරැල්ලකට මුල පිරුවේය. මුලින්ම විශ්ව විද්‍යාලවල මහාචාර්යවරු, ආචාර්යවරු රාජ්‍ය විරෝදී පෙලපාලිවලට ඉදිරියෙන්ම නායකත්වය දෙමින් ගමන් කලහ. ඉන්පසු සෙසු සියලුම වෘත්තීයවේදීන් ද එක්ව ශිෂ්‍යයන්ට සහ මහජනයාට නායකත්වය දුන්නහ. අවසානයේ දී ජෙනරාල් පාක් ගේ රජය පෙරලුනා විතරක් නොව ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවීමට ද සිදු විය.
අද ශ්‍රී ලංකාවේ තත්වය එදා කොරියාව ටත් වඩා භයානක මට්ටමකට වැටී තිබේ. පාක් ජෙනරාල්වරයා පාලනය කල සමයෙහි කොරියාවේ ආර්ථිකය හොද මට්ටමකට තිබුනේය. නමුත් අද ලංකාවේ ආර්ථිකය හැම අතින්ම පරිහානියට පත් වී ඇත. සිංගප්පූරු වෙළද ගිවිසුම වැනි ගිවිසුම් හරහා රටේ ව්‍යාපාර පමණක් නොව වෘත්තිකයන්ද බිලිදී තිබේ. එවන් පසුබිමක වෘත්තීයවේදීන් සහ බුද්ධිමතුන් මීට වඩා සක්‍රීයව ආණ්ඩු විරෝද ක්‍රියාවලියට සහභාගී විය යුතුයැයි මගේ මතයයි. ඔබ රජය සාමාන්‍ය ජනයා පෙරලා දෙන තෙක් සීත කාමරයේ සිට බලා සිටියහොත්, රජය පෙරලෙන විට ඔබට ජීවත් වීමට රටක් ඉතුරු නොවනු ඇත.
89-94 කාලයේදී ද අප රට මෙවන් අදුරු යුගයක් පසුකරමින් සිටි කාලයක් මා එකල කුඩා වුවද මට මතකයෙහි ඇත. එකල මර්දනකාරී ආණ්ඩුවට එරෙහිව නායකත්වය ගත්තේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයයි. එහිදී මහාචාර්ය ඔස්මන් ජයරත්න ඇතුලු විධායක මණ්ඩලය සුවිශේෂී භූමිකාවක් රගපෑවේය. 1994 ආණ්ඩු පෙරළියේ ආරම්භය සනිටුහන් වූයේ ශිෂ්‍යයන් ගෙනගිය සටනට ඉදිරියට විත් උගතුන් නායකත්වය දුන් නිසාය.
අද වෘත්තීයවේදී ඔබේ යුතුකම විය යුත්තේ තවත් මහාචාර්ය ඔස්මන් ජයරත්න කෙනෙකුන් වන්නටය. ඔබේ මව්බිම ඔබෙන් යුතුකම් ඉටුවන තුරු බලා සිටින කාලය එලෙඹ තිබේ. ලබන සැප්තැම්බර් 05 ඔබේ යුතුකම් ඉටුකරන්නට වේදිකාවක් විය යුතුද? නැද්ද? මේ ඔබේ වාරයයි…