දොස්තර මාරු කරනවා වෙනුවට ප්‍රතිකාර ක්‍රමය මාරු කිරිම
අප ජීවත්වන්නේ එක් අතකින් අප්‍රසාදයේ සහ පසු තැවීමේ කාලයකය .එක් අතකින් දියුණු ප්‍රජාත්‍රන්ත්‍රවාදය යහපාලනය වැනි සංකල්ප සමග ගනු දෙනු කරන් අතරම අනෙක් අතින් ම්ලේච්චත්වයේ මුගුරු දරන්නා වු මිනිසෙක් නිර්මාණය වී ඇත .ලිබරල් ධන්වාදය විසින් අපේක්ෂා කරන පරිදිම මිනිසුන් තම සාරය අහිමි කර ගනිමින් සිටිති. නිදහස් වෙළදපොලට අවශ්‍ය වනුයේ අවිචාරවත් මනසක් සහිත මිනිසෙකි ඔහු විචාරයකින් තොරවු තරමට වෙළදපොළ ප්‍රසාරනය පහසු වනු ඇත. එවැනි මිනිසුන් බහුල වු සමාජයක් අවිචාරවත් සමාජයක් බවට පත්වීම වැලැකිවිය නොහැක අපි සිටින්නේ එවැනි සමාජයකය.
පුද්ගලයෙකුට මනසක් ඇතිවාක් මෙන්ම සමාජයටද මනසක් ඇත .පුද්ගල මනස පුද්ගල ක්‍රියාකාරිත්වයෙන් නිරූපනය වනවා සේම යම් සමාජයක මනස තේරුම් ගත හැක්කේ එම සමාජය නඩතුතු කරන්නාවු සංස්කෘතිය විසිනි .සංස්කාතිය උසස් වු විට සමාජ මනස උසස් එකක් බව නිරික්ෂණය කල හැකි වනවා ඇත .ප්‍රංාතන්ත්‍රවාදය යහපාලනය වැනි සංකල්ප නිර්මාණය වන්නේත් භාවිතයට ගත හැකි වන්නෙත් මෙවැනි දියුණු සංස්කෘතියක පමණී .සංස්කෘතිය දියුණූ නොවු විටෙක මෙවැනි සංකල්ප අංගවකල විම වැලැක් විය නොහැක .අප සිටිනුයේ එතනය.ඔිනෑම රටක සමාජ සංවර්ධනය විසින් දියුණූ අධයපන කමයක් නිර්මාණය කරන අතර දියුණූ අධ්‍යපන ක්‍රමයක් විසින් නැවතත් දියුණූ සමාජ සංවර්ධනයක් නිර්මාණය කරනු ලබයි .මේ දෙක එකිනෙකා මත යැපෙන අතර එකිනෙකාගෙන් පොෂණය ලබයි.දියුනු අධයපන ක්‍රමයක් සහිත රටවල් තුල සමාජ සංවර්ධනයක් විප්ලවයකින් හො ක්‍රමිකව සිදුව ඇති නිසා එම රටවල් දියුණූ අධයපන ක්‍රමයක් සකස් වී ඇත .මේ නිසා අධයපන ක්‍රමය විසින් රටට හිතකර මානව සම්පතක් ගොඩ නගනු ලබයි .
සමාජ සංවර්ධනයක් සිදු නොවු තැනක අධයපන ක්‍රමයක් දියුණූ කල නොහැක ලංකාවේ අද දවසේ යථාර්ථය මෙයයි රටේ සමාජ සංවර්ධනයේ රොග ලක්ෂණයක් ලෙස අධ්‍යපනය හැදින්විය හැකිය.මේ නිසා අධ්‍යපනය රොගය යයි සිතා ප්‍රතිකාර කිරිමට යාම නිසා සිදුව ඇත්තේ රොගය තවත් උත්සන්න වීම පමණකි .යම් ගැටලුවක් උග්‍ර වන ්විට පුරුද්දට මෙන් අධ්‍යපන ක්‍රමයටත් ආගමික නායකයින්ටත් දොස් පවරනවා වෙනුවට කල යුත්තේ සමාජ මනස නිර්මානය කර ගැනිමයි .ඒ සදහා විශාල ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වනු ඇත . එය සිදු කල හැක්කේ නායකයින්ට පමණී .
අප වසර හැත්තෑවක් තිස්සේ නඩත්තු කල අධයපනයෙන් සහ සමාජ සංස්කෘතියෙන් අප අවසානයේ ඉස්මත්තට ගෙනවිත් ඇති පුරවැසියා තමාගේ යකඩින් තැනු වාහනයේ හැපුණු යකඩින් තනන ලද වාහනයේ මිනිස් රියදුරාට පහරදි මරා දමන්නට හැකි පුද්ගලයෙකි .එසේම එම මරණයෙන් පසු කඩවල් ගිනි තබා පූජනීය ස්ථාන විනාශ කල හැකි පුරවැසියෙකි .කොත්තුවට මිරිස් හොද්දට පමණක් නොව වචනයට ගහ මරා ගන්නා මිනිසෙකි .එසේම කුඩා පිරිමි දරුවන් පවා අපයොජනය කර මරා දමන මිනිසෙකි .අන් මිනිසුන් සමග නොව තම පවුල තුලවත් සහජීවනයෙන් වාසය කල නොහැකි පුරවැසියෙකි .පත්තර පිටු පිරවෙන්න.ට දිනපතා උදාහරන දොරේ ගලා යමින් තිබේ.
සාක්ෂරතාවය කුමන් අගයක් ගත්තද යම් රටක් ප්‍රාථමික් අධයපනයේ අරමුණූ වලින් එකක් වන අනෙක් මිනසුන් සමග සහයොගයෙන් ජීවත් විය හැකි මිනිසෙක් අපට නිර්මාණය කර ගැනිමට හැකියාව ලැබී නැත .රටේ වාර්ගික්ආගමික බෙදීම් සොදා හැරිමට අපේ අධ්‍යපනය අසමත්ම ඇත .පුරවැසියාගේ ප්‍රජාත්‍රන්ත්‍රවාදි සමාජ ජීවිතයක් අපට අහිමිව ඇත .මානව සංවර්ධනය පමණක් නොව ආර්ථික සංවර්ධනයද අප තුලින් ඈත්ව යමින් තිබේ .ධනේෂ්වර සංවර්ධනයේ යහපත් අංගයන් වන ප්‍රජාත්‍රන්තුවාදය ,තාක්ෂණයේ ඇති වන දියුණූව මෙන්ම දැනුම වෙළදපොළ දියුණූව වැනි දේ තුලින්වත් අපට ප්‍රතිඑලයක් ලබා ගත නොහැකි තරමට අප දුර්වල ජාතියක් බවට පත් වෙමින් තිබේ .
බටහිර වෙදකමෙන් සුව නොවන රොග චීන කටු චිකිත්සාවෙන් හො නිල වෙදකමෙන් සුවපත් කර ගත් හැකි බව අපි දනිමු .චීනය නිලය අල්ලා කුටුව ගැසු නිසාවෙන් චීනයේ තිබු රොග සුවපත් විය .මැලේසියාවද තම නිලයන් වලට කරපු වෙදකම් නිසා සුවපත් විය සිංගප්පුරුව වෙනස් කරනු ලැබුවේද නිලයන් අල්ලා කටුව ගැසු නිසාවෙනි.සමාජයක් වෙනස් කිරිමට විප්ලවයක්ම සිදු විය යුත් නැත උතුරු කොරියාව දකුණූ කොරියාව ජපානය තායිවානය තායිලන්තය මෙයට උදාහරණ පමණී . සෞදි ආරාබියද සමාජ ආර්ථික වෙනස් කම් රාශියක් අවධානම නොතකා ගනිමින් සිටි .තරුණ නායකයින් අවශ්‍ය වනුයේ මෙ සදහායි .ගැටලු ඇති කරනු ලැබු චින්තනයෙන් යුත් මිනිසුන්ට ගැටලු වලට සාර්ථක විසදුම් තිබිය නොහැක.දැන් අපට අවශ්‍ය වනුයේ අලුත් දැක්මකි අලුත් ආරම්භයකි .ධනේෂ්වර ප්‍රජාත්‍රන්ත්‍රවාදයේදි දොස්තරලා කවුරුත් එකය වසර හැත්තෑවක් තිස්සේ දොස්තරවරු මාරු කල අපි ට දැන් ඇත්තේ ප්‍රතිකාර ක්‍රමය මාරු කිරිමයි .දැන් කටු චිකිත්සාවකට හො නිල වෙදකමකට කාලයයි
වජිර කාන්ත උබේසිංහ