තල් අත්තට වැටුනු බෙලි ගෙඩියේ තාර්කිකත්වය

2,438 Views

තල් අත්තට වැටුනු බෙලි ගෙඩියේ තාර්කිකත්වය

තාර්කිකත්වය උපත ලබනුයේ කොතනින්දැයි දැන සිටීම තාර්කික මිනිසෙකු තැනීමේ මුලික පදනම වේ . කාලාම සූත්‍රය තුල බුදුන් වහන්සේ දේශනසා කරන්නේ තාර්කිකතත්වයයි .තාර්කිකත්වය යනු එක් පැත්තකින් මිනිසුන් සම්මුතියකට එළඹීමට පාර පෙන්වයි .තාර්කිකත්වය අංශ දෙකක් හෙවත් පැති දෙකක් හදුනා ගත හැකියි එකක් වන්නේ උපකරණාත්මක තාර්කිකභාවයයි එහිදී තර්කනය හුදු උපකරණයක් ලෙස භාවිතා වන අතර ලංකාවේ වෙළද දැන්වීම් තුල මෙම තාර්කිකත්වය බෙහෙවින් ඉස්මතු කරනු දැකිය හැකියි .තම නිෂ්පාදනය හො සේවාව අලෙවි කර ගැනීම සදහා නොයෙකුත් අංශ සමග ගලපමින් මතුපිට පෙනෙන තාර්කිකභාවයක් නිර්මාණය කරනු ලබයි .උදාහරණයක් ලෙස සමහර පිටි වර්ග බීමෙන් සිදු වන වෙනස පැහැදිලි කරනුයේ දොස්තරකෙනෙකු මාර්ගයෙන් වන අතර දොස්තරවරයෙකුට ඇති සමාජ බලය සහ පිලි ගැනීම නිසා ඉදිරිපත් කරන අදහස තහවුරු වේ.

තාර්කිකත්වයේ අනෙක් ප්‍ර‍භේදය වන්නේ සන්නිවේදන තාර්කිකත්වයයි මෙහිදී අපි යම් යම් මත අදහස් දැනුම සන්නිවේදනය කිරීම සදහා තාර්කිකත්වය භාවිතා කරනු ලබයි .නව දැනුමක් හො නව අදහසක් සමාජගත කිරීම හො අලුත් වැඩපිලිවෙලක් සමාජගත කිරීම සදහා සන්නිවෙදන තාර්කිකත්වය උපයොගී කරගනු ලබයි .ටමෙහිදී මහජන කක්ෂය නැමති සංකල්පය හදුන්වා දෙනු ලැබුයේ හබර්මාස් නැමති ජර්මන් ජාතික චින්තකයා වේ .එහු සදහන් කරන පරිදි මහජන කක්ෂය තුල විචාරය සංවාදය සන්නිවෙදන ක්‍රියා සහ සන්නිවේදන තාර්කිකත්වය මත සමාජය තුල පවතින ප්‍රශ්ණ සහ ගැටලු වලට පිලිතුරු සාකච්ජා කර විසදුමකකට එළඹීමට හැකියාව ඇත .මහජන කක්ෂය අතිශයින් වැදගත් වන අතර රජය වෙළදපොළ සහ පුද්ගල ජීවිතයෙන්  බැහැර සියලු ඉඩ මහජන කක්ෂයට අයත්වන අතර මෙම ඉඩ ප්‍රෙයාජනයට ගැනීම මත යම් සමාජයක දියුණුව ඇතිවේ .

දියුණූ ප්‍රජාත්‍රන්ත්‍රවාදී සමාජයන් වල මෙම මහජන කක්ෂයේ ක්‍රියාකාරිත්වය වෙනුවෙන් වු ඉඩක් සන්නිවේදනය විසින් ලබාදී ඇත සන්නිවේදනය මෙහිදී වැදගත් කාර්යක් ඉටු කල යුතු වන්නේ සන්නිවෙදන තාර්කිකත්වය වැදගත් වන හෙයිනි .මෙහිදී දැනුම පිලිබද කාරණය පරික්ෂා කරනු ලබන්නේ එම දැනුමේ සමාජ භාවිතාවන් තුල බැවින් සන්නිවෙදනය දැනුම නිවරදි කිරීම සදහා සන්නිවෙදනය අතිශයින් වැදගත්වේ .යුගයක රජ කරන මතවාදය එම යුගයේ රජ කරන පන්තියේ මතවාදය වේ යනුවෙන් මාක්ස් විස්තර කරන්නේ මෙය විය යුතුයි .සන්නිවෙදනයේ ඉඩ සහ තාර්කිකත්වය බිද වැටුනු කල නිර්මාණය වන්නේ අධිපති මතවාදයක් රජ කරවීමකි .යම් කිසි දැනුමක් නිෂ්පාදනයේදී ඇති වන ක්‍රියාකාරිත්වයෙන් බැහැරව ලබා ගත නොහැකියි .මිනිසා සමාජ සත්වයෙකු ලෙස සිදු කරන්නේ තම ද්‍රව්‍යමය සංස්කෘතික සහ දේශපාලන ජිවිතයේ ලබාගන්නා දැනුම අනෙකා වෙත සන්නිවේදනය කිරීමකි. භාෂාව සහ වාග්කොෂය තාර්කික සන්නිවෙදනය සදහා මෙහිදී වැදගත් වන්නේ ඒ නිසාවෙනි .පෘතෘගීසින් මෙරටට පැමිණි විට එය දකින් සිංහල වැසියෙකු මේ පිලිබදව රජුට සැල කර සිටින්නේ තිරුවාන ගල් කන ලේ බොන සුදු මිනිසුන් කොටසක් කොළඹට පැමිණ ඇති බවයි .මෙහිදී පාන් සහ වයින් පිලිබද සංස්කෘති්ක ජිවිතයෙන් නුගත් සිංහලයා තම දැනුම තුලින් සන්නිවෙදනය කිරීමට යාම නිසා සිදු වුනේ තාර්කික සන්නිවෙදනය අහිමි වීමකි .ලංකාවේ ඉතිහාසය තුල දක්නට ඇත්තේ මෙම සන්නිවෙදනයේ  තාරැ්කික භාවය අහිමි වීම නිසා ඇති වු ඛේදවාචකයන්ය .ගෙරිහම් කඩක් එලා ගැනීමට ඉඩ ලබා ගත් පෘතෘ ග්‍රීසීන් කොළඹ කොටුවේ ගෙරිහම් කඩ කුඩා තීරු වලට ඉරා විහාල ප්‍රෙද්ශයක් ඔවුන් සතු කර ගන්නා අතර පෘතෘග්‍රීසින් එලවීමට දෙවන රාජසිංහ රජු ලන්දේසීන් සමග ඇති කර ගත් ගිවිසුම තුල එක වගන්තියක් ලන්දේසි පිටපතේ අඩංගු කර නොගැනීම හේතු කරගෙන පෘතෘග්‍රීසි බලකොටු ලන්දේසීන් සතු කර ගත් අතර දෙවන රාජසිංහ රජුට මේ නිසා ඉගුරු දී මිරිස් ගත්තා වැනි ක්‍රියාවක් සිදු කල බව පිලි ගැනීමට සිදු වුයේ  තාර්කික සන්නිවෙදනයට භාෂාව හරස් වු බැවිනි .

ප්‍ර භේදමය දොෂ සහ සාහ්ථ්‍ය රසය ඉස්මතු කිරීමට යාම නිසා විකෘතියක් වු මහා වංශ ඉතිහාසය තුල තාර්කික ප්‍රතිවිරොධයක් එල්ල නොවන්නේ අධිපති මතවාදය විසින් ප්‍රශ්ණ කිරිම වලක්වා  ඇති හෙයිනි . විහාරමහ දේවිය පිලිබද සිද්ධියේදී මුහුද ගොඩ ගැලු අවස්ථාවේ රට බේරා ගැනීම සදහා ඇය මුහුදට බිලි වු බව කියවේ මෙහිදී තාර්කික මනසට නැගෙන පලමු පැනය වන්නේ දේවානම්පියතිස්ස රජු දවස දියුණු  විදේශ වෙළදාම නිසා ලොකයේ ප්‍රසිද්ධියට පත් ලංකාවේ මුහුදට බිලි වීම සහ ඒ සදහා නාවික යාත්‍රාවක් අවශ්‍ය කරනු ලැබුයේ ඇයිද යන්නයි .එසේම සුනාම් අවස්ථාවක නාවික යාත්‍රාවක් දියඹට ගෙන ගියේ කෙසේද යන්නත් දෙදහස් හතර සුනාමි අවස්ථාව හා සසදා බලා තීරණය කර ගත හැක. කතුවරයාගේ අවශ්‍යතාවය මත ගොඩ නැගුනු මෙවැනි මනංකල්පිතයන් තාර්කික ලෙස පිලි ගැනීම සන්නිවේදනයේ අධිපති භාවය තුල අහිමි කරැනු ලැබු සංවාද  විචාර සහ ප්‍රතිවිරොධතාවයන් සදහා ඉඩක් ලබා නොදීම නිසා ඇති වුවකි.

තර්කානුකූල දැනුම සමස්ථය දැකීමටත් ඒ දෙවල් වල ඇති නියම ස්වභාවය මත අභ්‍ය්තර සබදකම් කරා ලගා වීමටවිශාල පියවරක් ඉදිරියට තබනු ලබයි. භාවතාව මත පදනම්ව දැනුම සංවර්ධනය කිරිම සදහා නොගැඔුරු භාවයේ සිට ගැඹුරු භාවය දක්වා සන්නිවේදනයට කල හැකි කාර්යය අසීමිතය.මහජන අවකාශය හෙවත් මහජන කක්ෂය තුල සිදු වන තාර්කික සන්නිවේදනය තුල නිර්මාණය වනු ඇත්තේ ප්‍රබුද්ධ සමාජයකි .

අපට අහිමි වී ඇත්තේ මෙම සමාජයයයි තාර්කිකත්වය අහිමී වී ඇති රැලේ යන රාචු මානසිකත්වයක් සහ මුග්ද තිරස්චීන අදහස් වලින් ඔලු ගෙඩි පුරව ගත් මිනිසුන් ප්‍රඥ්වන්ත මිනිසුන් බවට පත් කර නිවරදි තීරණ ගැනීම වෙනුවෙන් එම මිනිසුන් මෙහෙය විය හැක්කේ  බාවිතාව පදනම් කර ගත් දියුණු වන දැනුම් පද්ධතියක් ඇති කිරීම තුලිනි  මේ සදහා ඇති කල යුතු සංවාද තුල ප්‍රතිවිරොධතාවන් සන්නිවේදනය කල යුතු අතර ඒ තුලින් ගොඩ නැගෙන නව අදහස් නැවත නැවතත් ගැටෙමින් ආපොහක ක්‍රියාවලියක් බවට දැනුම පත් කිරීම සන්නිවේදනයේ ප්‍රමුඛතම කාර්යක් විය යුතුය .

වර්ථමාන දේශපාලනය ආර්ථීක සහ සංස්කෘතික අංශ වල අපට හමු නොවන්නේ මෙම සංවාදයයි සංවාදය තුල ගොඩ නැගෙන භාවිතාව පදනම් කර ගත් නව දැනුමයි නව දැනුම වෙනුවෙන් සන්නිවේදනයෙන් සිදු විය යුතු කාර්යභාරයයි .මිනිසුන් බුද්ධිමතුනු කරනවා වෙනුවට එහෙයියන් බවට පත් කර ගැනීම පහසු වුවද වඩා අපහසු කාර්යය වන බුද්ධිමතුන් බවට පත් කිරීම අද දවසේ අපට ඇති අභියොගයයි .තාර්කික මිනිසකු තැනීමෙන් තොරව සමාජය ඉදිරියට ගමන් නොකරනු ඇත .මේසදහා තාර්කික සන්නිවෙදනය පිලිබද කතිකාව අපට වැදගත් වනු ඇත

. වජිර කාන්ත උබේසිංහ.

 

No comments

About

The Professionals for a Better Future (VIYATHMAGA) is a network of Academics, Professionals, and Entrepreneurs who love the country and wish to contribute actively towards the development of a prosperous Sri Lanka where all citizens can live in peace and harmony. VIYATHMAGA is not a political organisation. It is a civil society movement, wishing to contribute towards the betterment of the country.

Need to talk to us?





[recaptcha]

Our Contacts

No:765, Ethul Kotte, Kotte.

info@viyathmaga.org