දිනෙන් දින බාල්දු වන අපේ රුපියල
මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වන මාතෘකාවක් තමයි රුපියලේ අගය අවප්‍රමානය වීම.මේ දිනවල දේශපාලන වේදීකාවේ වගේම ආර්ථික විද්‍යඥයින් මේ ගැන විවිධාකාරයෙන් අදහස් දක්වනු දකින්නට ලැබුනා.මොකද රුපියලේ අගය අවප්‍රමානය වීම මගින් අපේ එදිනෙදා ජීවිතයේ වැඩවලට, සේවාවන් සදහා වන බලපෑම් බොහොම වැඩියි.කිරිපිටි මිල, ගෑස් මිල, තෙල් මිල සිට බෙහෙත් වර්ග දක්වා අපේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන ආනයන භාණ්ඩ බොහොමයක මිල ගනන් වෙනස් වන්න පුලුවන් රුපියලේ අගය අවප්‍රමානය වීම සමඟ.
මේ වනවිට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉතිහාසයේ වාර්තවූ අවම අගය වන 160 ඉක්මවූ අගයක් වාර්තා වනවා.ඇයි අපේ රුපියල මේ විදියට අවප්‍රමානය වන්නේ.පහත විස්තර කරලා තියෙන්නේ ඒ සදහා බලපාන හේතු කිහිපයක් .
අනෙකුත් මුදල් වලට සාපේක්ෂව ශක්තිමත් වන ඇමරිකානු ඩොලරය
ලෝකයේ ප්‍රධානතම මුදල් වලට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වීම .අන්තර්ජාලයේ සේවීමක් කලහොත් දැකගන්න පුලුවන් Dollar Index එකක්.මෙම දර්ශකයට අදාල කේතය ලෙස DXY දක්වන්න පුලුවන්.
මෙම Dollar Index එක මගින් ලොව ගනුදෙනු සිදුකරන ප්‍රධානතම මූදල් වන යුරෝ, ජපාන යෙන්, මහා බ්‍රිතාන්‍යයේ පවුම, කැනේඩියානු ඩොලරය , ස්වීඩන ක්‍රෝනා සහ ස්විට්සර්ලන්තයේ ෆ්‍රෑන්ක් මුදල් ඒකක වලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම වෙනස් වීම ලබාගැනීමට පුලුවන්.පසුගිය මාස තුන ඇතුලත වාර්තාවන ඉහලම අගය මෙම dollar index වාර්තා කරනු ලබනවා.මෙයට හේතුව ලෙස දිනෙන් දින ශක්තිමත් වන ඇමරිකානු ආර්ථිකය හදුන්වන්න පුලුවන්.ඇමරිකානු මධ්‍යම බැංකුව දකින විදියට දශක ගනනාවකින් ඇමරිකානු ආර්ථිකය හොදින්ම ,ශක්තිමත්ව පවතින අවස්තාව තමා මෙය.ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි දකුණු ආසියාවේ අනෙකුත් රටවලුත් ඔවුන්ගේ මුදල් ඒකක අවප්‍රමානය වීම පසුගිය මාස කිහිපය තුල දකින්නට ලැබුනා.උදාහරණයක් ලෙස ඉන්දියානු රුපියල සහ පාකිස්තානු රුපියලත් ඩොලරයට සාපේක්ෂව අවප්‍රමානය වෙලා තිබෙනවා.
ලාංකීය මූල්‍ය වෙලපොලේ සිදුවන විදේශීය විකිනුම්
cbsl.gov.lk
මෙම කාරනය ඉහත සදහන් කල ඩොලරයේ ශක්තිමත් වීම සහ ඇමරිකානු ආර්ථිකයේ ශක්තිමත් වීම හා සම්බන්යි.අපේ රටේ මූල්‍ය වෙලදපොලවල් වන භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර වෙලදපොලත් ,කොටස් වෙලදපොලත් ගතහොත් මුල් මාස පහ ඇතුලත ශුද්ධ විදේශීය විකුණුම් දැකිය හැකියි.මුල් මාස පහ ඇතුලත කොටස් වෙලදපොලෙහ විදේශීය විකුණුම් රුපියල් බිලියන 1.2 පමන වනවා.භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර වෙලදපොලෙහි විදේශීය විකුණුම් රුපියල් බිලියන 23 ක්.මේ ආකාරයට ඩොලර් ලංකාවේන් පිටතට යාමේදී රුපියලේ අගය අවප්‍රමානය වනවා.
දස අවුරුදු ඇමරිකානු බැදුම්කර පොලී අනුපාත වෙනස්වීම
මෙම විකුණුම් වලට හේතුවක් ලෙස ඉහළ යන ඇමරිකානු පොලී අනුපාත හදුන්වන්න පුලුවන්.පහුගිය කාලය පුරාවට ඇමරිකානු ඔහුන්ගේ පොලී අනුපාත පහල අගයක තබාගත්තත් දැන් ඔවුන් එය ක්‍රමයෙන් ඉහල දැමීම ආරම්භ කරලා.2008 මූල්‍ය අර්බුදයෙන් පසු ඇමරිකාව විසින් කරගෙන ගිය Quantitative Easing වැඩසටහන ඔවුන් අවසන් කර ඔවුන්ගේ පොලී අනුපාත තිබිය යුතු නියම මට්ටමට ඔවුන් දැන් ක්‍රමයෙන් ගෙන එනවා.අවුරුදු දෙකකට පෙර 1.4% පොලී අනුපාතයක් තිබූ දස අවුරුදු ඇමරිකානු බැදුම්කර පොලී අනුපාතය මේ වනවිට 3% ආසන්නයි.ඇමරිකානු බිල්පත් සහ බැදුම්කර මෙවැනි ආකර්ෂණීය පොලී අනුපාත ගෙවන විට විදේශිකයන් හට අවධානම වැඩි ශ්‍රී ලංකාව වගේ රටවල් වල ආයෝජනය කිරීමට අවශ්‍යතාවයක් නැහැ.මෙය ලංකාවට පමණක් නොවෙයි දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ බොහෝ රටවලට පොදු දෙයක්.අඩු පොලී අනුපාත පවතින විට ලංකාව වගේ වැඩි පොලී අනුපාත ඇති රටවල් වල මූල්‍ය වෙලදපොල වෙත ආපු විදේශීය ආයෝජන මේවනවිට නැවතත් ඇමරිකාව වෙත යනවා.
ඉහල යන ගෙවුම් ශේෂ හිගය
cbsl.gov.lk
මහ බැංකු මූල්‍ය වර්තා අනුව පලමු මාස තුන ඇතුලත අපගේ ගෙවුම් ශේෂ හිගය 2017 වසර සමඟ සසදනවිට රුපියල් බිලියන 50 පමණ ඉහළ ගොස් තිබෙනවා.මෙම ගෙවුම් ශේෂ හිගය වැඩිවීමට ප්‍රදාන වශයෙන්ම දායක වෙලා තියෙන්නේ වාහන ආනයන,සහ තෙල් ආනයන.2016 වසරේදී මැද $ 45 තිබූ තෙල් බැරලය මේ වනවිට $ 73 දක්වා ඉහළ ගොස්.අපගේ ආනයන අතරින් වැඩිම පිරිවැටුමක් යන භාණ්ඩය තෙල්.ඉහල යන තෙල් මිලත් සමග අපිට ඒ සදහා වැඩිපුර වියදම් කරන්න සිදුවනවා.එයත් සමග අපගේ ගෙවුම් ශේෂ හිගය වැඩිවනවා.අපේ රටින් එලියට යන ඩොලර් ප්‍රමාණයත් ඒ සමගම වැඩිවනවා.2017 වසරේදී වාහන ආනයනයේ යම් පාලනයක් තිබූවත් මෙම වසරේදී එහි වැඩිවීමක් දක්නට ලැබෙනවා.2017 වසරේ මුල් මාස තුනට සාපේක්ෂව 2018 වසරේ මුල් මාස තුනෙහි වාහන ආනයන වියදම් 87% ඉහළ ගොස් තිබෙනවා.මීට අමතරව අප ආනයනය කරන තවත් බොහෝ භාණ්ඩ ප්‍රමාණයක මිල ගනන් අන්තර්ජාතික වෙලදපොලෙහි මිල ගනන් ඉහළ ගොස් තියෙනවා.උදාහරණයක් ලෙස යකඩ, ඇලුමිනියම් ,තඹ සහ කිරිපිටි මිල ගනන් දක්වන්න පුලුවන්.
මහ බැංකුව රුපියල අවප්‍රමානය වීම වැලැක්වීමට මැදිහත් නොවීම
cbsl.gov.lk
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකගතා සහ ලබන වසරේ ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය මෙයට හේතුවක් ලෙස දකින්න පුලුවන්.මීට පෙර කාලවලදී රුපියලේ අගය අවප්‍රමානය වනවිට මහ බැංකුව මැදිහත්වී විවෘත වෙලදපොලෙහි ඩොලර් විකිණීම මගින් රුපියලේ අගය ආරක්ෂා කරනු ලැබුවා.
cbsl.gov.lk
නමුත් මෙවර මහ බැංකුව ඒ සදහා ක්‍රියාකාරී ලෙස දායක වීම අඩු කර තිබෙනවා.මහ බැංකුව විවෘත වෙලදපොලෙහි ඩොලර් මිලදී ගැනීම හෝ විකිණීම අපගේ විදේශ සංචිත සදහා සෘජුවම බලපානවා.මහ බැංකුව ව්වෘත වෙලපොලෙන් ඩොලර් මිලදී ගතහොත් එය විදේශ සංචිත සදහා එකතුවන අතර ඩොලර් විකුණුවහොත් එය විදේශ සංචිත වලින් අඩුවනවා.මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසන ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකගතාවයට අනුව මහ බැංකුවට මසකට $ 100 Mn පමණ විවෘත වෙලදපොලන් මිලදී ගත යුතුයි.මෙම වසරේ දෙවැනි භාගයේ සහ ලබන වසරේ අපට විශාල ලෙස විදේශීය ණය ගෙවීම් පවතිනවා.එම කාරණය නිසා මහ බැංකුව අපේ විදේශ සංචිත වියදම් කරමින් රුපියල අවප්‍රමානය වීම වැලැක්වීමට වඩා ණය ගෙවීමට විදේශ සංචිත ගොඩනැගීමට ප්‍රමුඛස්ථානයක් ලබාදී තිබෙනවා කියා පවසන්න පුලුවන්.