නඩු බදු දඩ සහ ජාතිකත්වය – වජිර කාන්ත උබේසිංහ .

2,619 Views

අප්‍රිකානු මහද්වීපයේ එක්තරා ගොත්‍රික කන්ඩායමක් අතර පවතින සිරිතක් පිලිබදව අසන්නට ලැබිනි .එම ගොත්‍ර යේ යම් කිසිවකු වැරැදදක් කරනු ලැබුව හොත් එම ගමේ ඇති පිටිටනියකට එම පුද්ගලයා ගමේ අය විසින් කැදවා ගෙන යන් අතර පිටිටනිය මැද ඔහුව හිදුවා ගම් වැසියන් ඔහුව වට කරගෙන ඔහු විසින් අතීතයේ කරන ලද හොද යහපත් දේවල් හඩ නගා එහුට පවසනු ලබයි .මෙය ඔවුන් විස්න කරනු ලබන්නේ වැරදි කරන ලද පුද්ගලයා නිවරදි කරවීම සදහාය.ඔහු තුල ඇති හොද මතු පිටට ගෙන වැරදි යටපත් කරවීම තුලින් සමාජයට වැඩදායි මිනිසෙකු නිරිමාණය කර ගැනීම සදහායි .මෙය එක්තරා විදියකින් මනො විද්‍යත්මකව ස්වයං වරදකාරී බවක්ඇති කර ඒ තුලින් පුදගලයා යහපත් කර ගැනීම සදහා ඔහු තුල ඇති සමාජ වගකීම සහ ඔහු කෙරෙහි ඇති සමාජ වගකීම පෙන්වා දීම තුලින් වරදින් මිදී යහපත් පුරවැසියෙකු බවට පත් වීම සිදු වන හෙයිනි අනාගතය නිර්වචනය කර ගැනීම සදහා අතීතයේ කල යහපත් දේ තුලින් ස්ව සංකල්පය ඇති කර ගැනීමට උදව් කිරීමයි . .සමාජයක් ලෙස මෙම මැදිහත් වීම සමස්ථ සමාජයම වෙනුවේන්ම වු දෙයකි .

ලංකාවේ අපරාද කරුවන් ලක්ෂ පහක් පමණ ලේඛන ගතව ඇති අතර වරෙන්තු කරුව්න ලක්ෂ හයකි සාමාන්‍යෙයන් වැඩිහිටි ජනගහනයේන 10% ක් පමණ අපරාධ කරුවන් වී ඇත.මෙය තවත් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය නම්  ලංකාවේ සිරගෙවල් තුල ඇති තදබදය පිලිබදව විමසා බැලිය හැක ලංකාවේ සෑම සිර ගෙයකම ඇත්තේ දැඩි තද බදයකි .එසේම උසාව් පද්ධතියේ ඇත්තේ දැඩි නඩු තද බදයකි උසාවි දිනවල උසාවි අසල ඇති වන තද බදයත් උසාවි තුල ඇති කෙරෙන තද බදයත් පැහැදිල ිකරන්නේ අප ආ ගමන් මග කෙසේවත් නිවරදි නොවන බවයි සමාජයක් ලෙස රටක් ලෙස අප යා යුතු දිශාව පිලිබද අවබොධයකින් ගිය ගමනක් නොවන බව පැහැදසිලිව තිබියදී ගමන් මග වෙනස් කර ගැනීම වෙනුවේන සමාජ කතිකාවතක් නිර්මාණය කර ගැනීම අද දවසේ සිදු කල යුතු හදිසි කාර්යකි .සමාජ පරිවර්ථනයකින් තොරව ප්‍රගතිය වෙත යා නොහැකි ලෙස අප පැමිණී ගමනේ අර්බුධ ගහන වී ඇත .නඩු දඩ සහ  බදු මගින් සමාජය නිවරදි කල නොහැකි බව අපි දනිමු .තෑගි සහ දඩුවම් පිලිබද කතිකාව බටහිර රටවල අධයපනයට අදාල වුවද සමාජ සංවර්ධනයට අදාල කර ගත හැක්කේ කෙසේදැයි නොදනිමු වසර හතලිස්ි පහක් වැනි කෙටි කාලයක් තුල පවතින පාලනයට එරෙහිව කැරලි තුනක් සමග ජීවිත ලක්ෂ එකහමාරක් පමණ රටට අහිමි වී තිබිය දී අපට තවමත් මේ රට වෙනුවෙන් නිවරදි මාවතක් හෙලි කර ගැනීමට නොහැකි වීමේ ඛේදවාචකය අද දවසේ අපි අත් විදිමින් සිටිමු .

මෙ වසර හතලිස් පහ තුල අපට අහිම වී ගිය ජීවිත යනු රට වෙනුවෙන් වු වේදනාවේ අවසන් තොරා ගැනීමකි .මව් බිම වෙනුවේන වු ප්‍රේමය විසින් අරගල භූමිය තුල දිව් පුද කරනු ලැබීමේ  ඉරණම උපන් මව් බිම  විසින් තින්දු කර දෙනු ලැබුයේ ඇයිද යන ප්‍රශ්ණය නැවත නැවතත් නැගිය යුතු වෙමු .පරාර්ථකාමී ශක්තිමත් ජවසම්පන්න තාරුණ්‍යය සතු ජානමය හැකියාවන් උරුමකරවකු නොමැතිව මාවත් වල අලුවී යද්දී අවසන අපට ඉතිරී වී ඇත්තේ ආත්මාර්ථකාමී  කට වාචාල කියවන දුර්වල නායකයින් පිරිසකි .මෙගා පොලිස් යනු විශාල පොලිසියක් ලෙස විස්තර කරන ආන්ඩුවේම ජනතා නියොජිතයින් තැබිය යුතු උලේ උස ප්‍රමාණය වෙනරටක නම් ජනතාව තීරණය කරනු ඇත එහෙත් හෙට දවසේ නැවතත් මාධ්‍ය ඉදිරියේ මෙවැනි චරිත දිගින් දිගටම දේශපාලනය ගැන දොඩවන්නේ ජාතියේ කවර අවාසනාවකටදැයි නොදනිමු

ආයතනික පුරවැසි භාවය යනු යම් ආයතනයක දියුණුව වෙනුවේන එම ආයථනයේ සේවය කරන සහ එම ආයථනයට සම්බන්ධ සියලු දෙනාගේ පුර්ණ කැපවීම ඇති කර වීම සදහා ඇති කර ඇති සංකල්පයකි .සෑම ආයථනයකම මේ සදහා විවිධ වැඩ සටහන් ක්‍රියායාත්මක කරනු ලබයි .වඩා සුලභ අත් දැකිමක් වන්නේ පවුලේ අය සහ ආයථනයේ අය එකට එකතු වී විනොදචාරිකාවක් යාම වැනි සරළ වැඩසටහන් හදුන්වා දිය හැකියි මේ මගින් ආයථනය සහ ආයථනයේ සෙු්වකයා අතර සම්බන්ධතාවය තහවුරු වන් අතර තමාගෛ් උපරිම හැකියාව ආයතනයට ලබා දීමට ආයතනික සේවකයා පෙළඹේ.රටක පුරවැසියා රට වෙනුවේන් උපරිමය ඉටු කිරීමට නම් එම වැසියා රටේ පුරවැසියෙකු විය යුතුයි නැතහොත් පුරවැසි භාවය වර්ධනය කිරීම සදහා සැලසුම් සකස් කල යුතුය. . රටකට නායකයින් අවශය කරන්නේ බදු වැඩි කිරීමට වත් නඩු වැඩි කීරීමටවත් දඩ වැ4ඩි කිරීමටවත් නොව සුක්ෂම ලෙස රටේ සිටින සියටලු මිනිසුන්ගේ උපරිම කාර්යක්ෂමතාවයකින් රටට සේවය ලබා ගැනීමට සැලසුම් සකස් කිරීමටයි .ඉන්දියාව සිංගප්පූරුව වියට්නාමය මෙන්ම මැලේසියාවද චීනයද සිදු කරනු ලැබුයේ මෙයයි .රටක මානව සම්පතතුල සිදු කරන  ආකල්ප වෙනසකින් රටේ ඉරණම වෙනස් කල හැකිය.දඩුවම් දඩ නඩු සහ බලය වැනි  වැඩවසම් සංකල්ප වලින් රට සංවර්ධනය කිරීමට යාම අවසානයේ තවත් ඛේදවාචකයකට පාර කපනු ඇත .වැසියා රට වැසියෙකු කල යුත්තේ උප්පැන්න සහතිකය දීමෙන් නොව හදවත සකස් කිරීම තුලිනි .ලංකාවේ සමීක්ෂනයක් කලහොත් ලංකාවේ නතර වීමට කැමති එකදු පුරවැසිරෙයකු සොයා  ගැනීමට අසීරු වනු ඇත සියලු මිනිසුන් හැකියාව ඇත්නම් රටින් පිටවීම සිහිනයක් ලෙස දකිමින් රටේ සේවය කිරීම අද දචවසේ මේරටේ පලමු ඛේදවාචකයයි  .මිනිසෙකුට රාජ්‍යය පහල වීමට පෙර සිට පවත්නා  රාජ්‍ය යෙන්  පරිභාහිර නැතහොත් ස්වාධීන අයිතිවාසිකම් ඇති බව  තොමස් හොබ්ස් සහ ලොක් පවසා ඇත .නිදහස අර්ථ ගැන්වෙන්නේ මෙ නිදහසට ඇති හිම්කම මතයි .නෙදර්ලන්තයේ බන්ධනාගාර වැසී යන්නේ නිදහස විසින් ඇති කල භූමයේ අයිතිය මිනිසුන් තේරුම් ගැනීම නිසාවෙනි .ලොකයේ සතුටින් සිටින වැසියන් අතින් අපරාද වැරදි සිදු නොවීමේ තර්කය තොරුම් නොගත් කිසිදු ආන්ඩුවකට මේ රට නිවරදි කල නොහැක.අප්‍රිකානු ගොත්‍රික සමාජයෙන් අප වෙනස් වන්නේ   භූමියේ අයිතියෙන්සහ සමාජීය වගකීමෙන්  රට වැසියා බැහැර කිරීම නිසාවෙනි .රට වෙනුවෙන් දිවිදුන් ලක්ෂ එකහමාරකට වැඩි දේශමාමකයින් ගේ හෘද සාක්ෂිය අවධි කිරීම කින් තොරව මේ රටට විමුක් තියක් නොමැත

No comments

About

The Professionals for a Better Future (VIYATHMAGA) is a network of Academics, Professionals, and Entrepreneurs who love the country and wish to contribute actively towards the development of a prosperous Sri Lanka where all citizens can live in peace and harmony. VIYATHMAGA is not a political organisation. It is a civil society movement, wishing to contribute towards the betterment of the country.

Need to talk to us?





[recaptcha]

Our Contacts

No:765, Ethul Kotte, Kotte.

info@viyathmaga.org