බිකිනියෙන් අල්ලා ගත් සංචාරක ව්‍යපාරය
පසු ගිය දිනෙක ගාල්ල ප්‍ර දේශයේ සංචාරක ආකර්ශනය දිනා ගැනිම සදහා මුහුද යට තැන්පත් කල පිලිමයක් ගොඩට ගත් පුවතක් වාර්ථා විය .මුහුදු උද්‍යනයන් නිර්මාණය කර සංචාරකයින්ට ඒවා දැක බලා ගැනිමට සලස්වා මුදල් සෙවිම ලොකයේ අලුතින් සංචාරක ව්‍යපාරයට එකතු වුනු සංකල්පයක් මෙ බව නොදන්න පිරිසක් මෙම පිලිමයට වෙනත් අවධානයක් දෙන්න උත්සාහ ගත් බව පෙනුනි .
මිනිස්සු සංචාරය කරන් එක අලුත් දෙයක් නොවෙයි .ඈත් අතිතියේ ඉදලම මිනිසුන් විවිධ හේතු කාරන ා මත සංචාරයේ යෙදුනා .සමහර සංචාරයන් නිසා ලොක් ඉතිහාසය පවා වෙනස් වුනා .මේ තත්වය තවත් වර්දනය වෙන්නේ දෙවෙනි ලොක් යුද්ධයෙන් පස්සේ අලුතින් බිහි වුන් තාක්සනය සහ විද්‍යත්මක සොයා ගැනිමි නිසා ලොකය පුරා මිනිසුන් සංචාරය කරන්න පටන් ගත්තා .මේ නිසා සංචාරක් වයපාරය වර්ධනය වන අතර ඒ අතරින් හොටල් සහ ආගන්තුක සත්කාරක ව්‍යපාරයන් ලොකය පුරා වොගයෙන් වර්දනය වෙන්න ගත්තා මේ නිසා අද දවසේ ලොකයේ වෙගයෙන් වර්ධනය වන සංචාරක වයපාරය කියන්නේ විශාල රැකියා ප්‍රමාණයක් බිහි කරන අංශයක් .ලොකයේ ඇති රැකියා වලින් 9% ක්ම බිහි වෙලා තියෙන්නේ සංචාරක ව්‍යපාරය පදනම් කරගෙන.ඒ වගේම ලොකයේ අපනයන්ගෙන් 7% සංචාරක ව්‍යපාරය නිසා ඇති වුන අපනයනයන් .ලොකයේ සේවාවන් ගෙන් 30% ක් සංචාරක ව්‍යපාරය ආශ්‍රීතව බිහි වි තිබිම නිසා සංචාරක් වයපාරය ලොකයේ ආදායම් ඉපදවිය හැකි ප්‍රබල මුලාශයක් ලෙස හදුනා ගත් රටවල් ඒ සදහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා .
ලොකයේ ඇති විවිධත්වය සංචාරක වයපාරය දියුණූ විමට බලපෑ ප්‍රධාන හේතුවක් විශේෂයෙන් දේහගුන්ක වෙනස් කම් නිසා සංචාරයේ නිරත විමට යුරොපියන් කැමති වන අතර මේ නිසා විවිධ අරමුණු මුල් කර ගනිමින් සමකයේ රටවල් වලට ශිත කාලය තුල සංචරනයේ යෙදෙනවා .මේ නිසා පැමිනෙන සංචාරකයින් සදහා සත්කාරක සේවාවන් ලබා දිම තුලින් බොහො රටවල් තම රටේ ජාතික ආදායම ඉහළ නංවා ගැනිමට කටයුතු කරනවා .මේ නිසා සංචාරක පාරාදීසයන් බිහිවෙනවා
විවිධ තේමාවන් මුල් කර ගනිමින් සංචාරක වයපාරය නැංවිමට බොහො රටවල් උත්සාහ ගන්නේ සංචාරක වයපාරය ඉතා පහසුවෙන් මුදල් ඉපයිය හැකි ව්‍යපාරයක් වන නිසා ඒ වගේම රට තුල ඇති විරකියාවට පහසුවෙන්ම උත්තර හොයන්න පුලු වන් සංචාරක ව්‍යපාරය තුලින් .
ලංකාව කියන්නේ සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගගත් රටක් ඒකට හේතු ගොඩක් තියෙනවා .ලාංකිකියන් කියන්නේ සත්කාරක ජාතියක් ඒ කියන්නේ අපේ රටේ මිනිසුන් අනෙක් රටවල මිනිසුන්ට වඩා සත්කාරකත්වයට කැමති පිරිසක් මේ බව අතිතියේ පටන් අප රට ගැන ලයා ඇති විදේශිකයින් හදුනා ගත් ලක්ෂනයක්. ලොකයේ බොහො ජාතීන්ට නැති අවජ්‍ය සිනහවක් අපිට තියෙන බව අපේ රටට පැමිනෙන විදේශීකයින් නිතර කියන දෙයක් .සංචාරක වයපාරය පදනම් වන්නේ සත්කාරකත්වය මත හොදින් පිලිගැනිම මෙන්ම හොදින් සංගහ කිරීම රැක බලා ගැනිම තුලින් සංචාරක ආකර්ෂණය ඉතා ඉක්මනින් ලබා ගත හැකියි.
ඒ වගේම වසර දෙදහස් පන්සියකට වඩා පැරණී ශිෂ්ඨාචාරක් තිබිම නිසා සංස්කෘතිමය වශයෙන් අපේ රටවල් වල විවිධත්වය වැඩි නිසා එයත් සංචාරකයින්ගේ ආකර්ශනයට හේතුවක් වෙනවා .බහු සංස්කෘතියක් පැවතිම තුල විවිධ සංස්කෘතීන් පවතින් අතර මේ නිසා සංස්කෘතික විවිධත්වය සංවාරකියින්ගේ ආකර්ෂය කොරෙහි යොමු කරවා ගැනිමට ඇති හැකියාව වැඩියි .ලොකයේ ජෛව විවධත්වය වැඩිම රටවල් වලින් එකක් වන්නේ ලංකාව ඒ වගේම පැයි කීපයක් ඇතිලත විවිධ දේශගුනික කලාප පසු කර යාමට කිගොමීටර් 13300 ක ආකර්ෂණීය මුහුදු තීරයක් හා ජෛව විවිධත්ව උනුසුම් කලාප රාශියක් සහිත ලංකාව සංචාරකියින් ගේ ආකර්ෂනය දිනා ගත් තැනක් බව පැහැදලි වෙමින් තියෙනවා විශේසයෙන් ලංකාවේ පැවති යුදද්ය නිසා ලංකාවට පැමිණී සංචාරකයින් ප්‍රමාණය සීමිත වුනා වර්ෂයකට ලක්ෂ පහක් විතර පැමිණී සංචාරකයින් යුද්ධය අවසන් විමත් සමග විශාල ලෙස වර්ධනය වෙන්න පටන් ගත්තා 2017 වර්ෂයේ මිලියන 2.1 ක් විතර සංචාරකයින් ලංකාවට පැමිණීයේ ලංකාවේ පැවති සාමකාමි වාතාවරණය නිසා .
කොසේ වුවද ලංකාව තුල සංචාරක ව්‍යපාරය දියුනූ කල හැකි මටිටම පිලිබදව නිසි අවබොධයක් නැති විම කනගාටුවට කරුණක් .විශාල මුදලක් උපයා ගත් හැකි රෑ දෙස් සංචරණය( එකො ටුවරිසම්) ආධයත්ම්ක සංචරණය ත්‍රාස සංචරණය හෙවත් වැනි පැති වර්ධනය වන්නේ ඉතා සෙමින් .තවමත් අපි අලෙව් කරමින් ඉන්නේ 70 දශකයේ වර්ධනය වු පවණතාවයන් වන හිරු එලිය මුහද සහ වැලි යන තේමාවන් පමණී මෙම තේමාවන් අන්ව සංචාරකයින් ආකර්ෂය කර ගත් හැකි වුවද එයින් රටට ලැබෙන ආදායම සුලු පමාණයකි එසේම මේ නිසා ඇති වන සංස්කෘතික හා පාරිසරික හානිය ඉතා වැඩිය .සංචාරක ව්‍යපාරයේ නව පවනතිා වර්ධනය කිරිමට අවශ්‍ය ස්වාභාවික ආකර්ශණය ඇති රටක වෙනස් තේමාවන් අනුව යමින් රටට වැඩි ආදයමක් ලැබෙන පරිදි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමට අවධානය යොමු විය යුතු කාලය පැමිණ ඇත . එනම් අලුත් සංකල්ප සහ නව අදහස් අනුව යමින් සුද්දා සුද්ධ කල හැකි සංචාරක ව්‍යපාරයක් නිර්මාණය විය යුතුය
වජිර කාන්ත උබේසිංහ
.