පසුගිය දා අන්තරජාලය පුරා පක්ශාත් භාගය එලියේ දාමාගෙන වීරයන් සේ රගපෑ තරුණ රැල සතියකට රිමාන්ඩ් කර ඇති බව අද දැනගන්නට ඇත. එම තරුණයන් පවසන අන්දමට ඔවුන් සුදු ජාතික තරුණියන් පිරිසක් කල Challange එකක් අනුව පිදුරංගල විහාරයේ කන්ද මත ඔවුන් එසේ නිරුවත්ව ඡායාරූපයට පෙනී සිට ඇත. හුදෙක් එක් සිද්දියක් මත මෙය කියවා ගැනීමට වඩා මෙහි මූල බීජය තේරුම් ගත යුතුය.මුලින්ම කිව යුතු කරුණ නම් රචකයා කිසි දිනෙක නවීකරණයට (Modernisation) විරුද්ද නැත. විරුද්ද වන්නේ අනවශ්‍ය බටහිරකරණයට (Westernisation). කිසිම දිනෙක කිසිම රටක් බටහිරෙන් එන සියල්ල බැහැර කල යුතු නැත. නමුත් අත්‍යාවශ්‍ය කාරණය තමන්ගේ ගැලපීම් කියවා ගැනීමය. ඔතන දී රටක් වශයෙන් අපි දැවැන්ත ලෙස ෆේල් (Fail) ය. යටත් විජිතවාදීන්ගෙන් අප ලැබූ දෙයට වඩා නැති කරගත් දේ බොහෝය. එනමුත් ලෝකය යන දිශානතිය අනුව අප ද රටක් වශයෙන් ගමන් කල යුතුය. එය කෙසේ වෙතත් සුද්දියෙක් කියූ පලියට පූජා භූමියක් තුල නිරුවස්තරෙන් පින්තූර ගෙන අන්තර්ජාලයට මුදා හැරීම නොවේ. අප සතු අනන්‍යවූ සංස්කෘතික අගයන් අපට වඩා බටහිර සාමන්‍ය ජනයා අගය කරන බව නොරහසකි. එම කැමැත්තම බහුජාතික සමාගම් හරහා වන ව්‍යාප්තවාදයට තර්ජනයකි. සුද්දි ගල උඩ කරන නිරුවත් Challenge එකත්, මුදල් ඇමති කාදිනල් තුමාට පහර දෙන්නේ ද, චන්ද්‍රිකා නෝනාගේ සංහිදියා කාර්යාලයෙන් නිපදවන “නිරුවස්ත්‍රං සරණං ගච්ඡාමි” නාට්‍ය හරහා ද ඇත්තේ එම ව්‍යාප්තවාදීන් සංස්කෘතික මර්දනයට දියත් කල ව්‍යාපෘතිය.සුද්දන් ගේ challenge සියල්ල අප අත්හල යුතු නැත. අනිවාර්යයෙන් භාරගත යුතුය. ඒවා අපට ගැලපෙන challenge විය යුතුය. අද වන විටත් නාසා ආයතනය තුල සැලකිය යුතු ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයක් සේවය කරයි. එමෙන්ම එංගලන්තයේ තිබෙන ලොව විශාලතම කොටස් වෙලදපලවල් වලින් එකක් වන ලන්ඩන් කොටස් වෙලදපල ක්‍රියාත්මක වන්නේ ද ශ්‍රී ලාංකික සමාගමක් නිපදවූ මෘදුකාංගයක් මගිනි. ලොව ධනවත්ම පුද්ගලයා වන ජෙෆ් බෙසූස් පවසන්නේ ඔහු ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ දී ඔහුට හදුනාගන්නට ලැබුනු බුද්ධිමත්ම පුද්ගලයා ශ්‍රී ලාංකික ජාතික යසන්ත රාජකරුණානායක බවය. (https://www.youtube.com/watch?v=24tR8wx5Mng) අන්න සුද්දා දෙන Challange භාරගන්නා ආකාරයය. ඒවා ජය ගන්නා ආකාරයය. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප පිටින් එන හැම කුණු ගොඩම ඔලුව උඩින් බදා නොගත යුතුය. අපට රටක් වශයෙන් ඉදිරියට යන්න නම් එම චින්තනය අප නහර වලටම කාවද්දා ගත යුතුය. අද වන විට සමාජය මෙතරම් ජරාජීර්ණ වූයේ 77 දී වක්කඩ කඩන්නක් මෙන් ලෝකයට රට විවර කල නිසාය. එම විවරණයට රට ද සමාජය ද එවකට සූදානම්ව සිටියේ නැත. ඉන්දියාව එකදාස් නවසිය අනූගණන් වෙනකන් රටේ ආර්ථිකය විවෘත කලේ නැත්තේ ඔන්න ඔය කාරණය නිසාමය. එම පරික්ශාකාරී පිලිවෙත නිසා ඉන්දීය සමාජය මෙන්ම රටේ ව්‍යාපාරිකයන් ද පිටින් එන බලපෑම් වලට හොදින් සන්නද්ධ වී සිටියේය. එමන්ම විවෘත කිරීම සිදු වූයේ ඉන්දියාවට ගැලපුන ආකාරටය. ලෝකයට ඕනෑ ආකාරයට නොවේ.ඉන්දියාවේ ආර්ථික පරිවර්තනයේ නිර්මාතෘ ආචාර්ය මන්මෝහන් සිං පිටින් එන දේ නියාමනය විය යුතු ආකාරය ගැන කියමන “මයික්‍රෝ චිප්ස් YES, පොටෑටො චිප්ස් NO”, ඉන්දියාව පරිස්සම් වූ ආකාරය ගැන කදිම නිදසුනකි.දමිත වික්‍රමසිංහMBA(UK) / BSC(AUS)
